පොහොට්ටුවේ අපේක්ෂකයා අපි දන්නවා, දැන්ම කියන්නේ නෑ – තිස්සකුට්ටි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ මේ වනවිටත් තීරණය කර ඇතත් එය දැන්ම ප්‍රකාශයට පත් නොකරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසයි.

“පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලා තමයි කවුරුත් අහන්නේ. දැන් අධිකරණ තීන්දුව දීලා තියෙනවා මැතිවරණය කල්දාන්න බෑ, අනිවාර්යයෙන්ම මැතිවරණය තියන්න වෙනවා. අපි ඉතින් නිකමටවත් හිතුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාවත් මේ ගුණ්ඩුව ඇතුළෙ ඉන්නවාද කියලා, බඩු නෑ වගේ පේන්නෙ.

දැන් කළුතර රැස්වීමේ රනිල් වික්‍රමසිංහ මහත්තයාත් වාඩිවෙලා ඉන්නවා, ධම්මික පෙරේරා මහත්තයාත් වාඩිවෙලා ඉන්නවා, නාමල් රාජපක්ෂ මැතිතුමාත් ඉන්නවා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් හිටියායි කියපල්ලාකො කළුතර රැස්වීමේ. අන්තෝ ජටා බහි ජටා, දැන් එදාත් හොයාගන්න බැරිවුණානෙ අපේක්ෂකයා …

දැන් අද ඕනෙ නම් අපේක්ෂකයා කියලා යන්න පුළුවන්. දැන් අපි දන්නවා අපේක්ෂකයා. ඔය ඇවිල්ලා ඉන්න නාමල් රාජපක්ෂ මැතිතුමා අපේක්ෂකයාව දන්නවා. හැබැයි අපි කියන්නෙ නෑ. ඇයි ? අද රටේම අනෙකුත් පක්ෂ බයවෙලා ඉන්නෙ පොහොට්ටුවේ අපේක්ෂකයාට. එහෙනම් නියත වශයෙන්ම මේ ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරන්නෙ මොන පක්ෂයෙන්ද ? පොදුජන පෙරමුණේ, පොහොට්ටුවේ අපේක්ෂකයා”

ජානක තිස්සකුට්ටිආරච්චි මහතා මේ බව පැවසුවේ ඊයේ (08) මාතර, දෙනියායේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලනයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...