‘ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ නායකයා ලෝකයේ ලේ වැකි අපරාධකාරයා වැළඳ ගැනීම දැකීම සාම ප්‍රයත්නයන්ට විශාල පහරක්’ – සෙලෙන්ස්කි

සටහන : සශිකලා මධුෂාණි,
ජුලි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිය ප්‍රථම රුසියානු සංචාරය ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද්වි පාර්ශවිය සම්බන්ධතා තරකර ගැනීම වෙනුවෙන් ඊයේ(08)දිනයේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුව තිබේ.

මෙය තුන්වන වාරයක් සඳහා බලයට පත් වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පළමු ද්විපාර්ශ්වික සංචාරය වන අතර මේ සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සිය Xසමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ‘ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදයේ නායකයා ලෝකයේ ලේ වැකි අපරාධකාරයා වැළඳ ගැනීම දැකීම සාම ප්‍රයත්නයන්ට විශාල පහරක්‘වන බවයි.

කෙසේ නමුත්, ඉන්දියාව මොස්කව් සමඟ දිගුකාලීන සබඳතා ඇති අතර එහි මිලිටරි උපකරණ මෙන්ම ශක්තිමත් බලශක්ති සහයෝගීතාවය සඳහා ක්‍රෙම්ලිනය මත දැඩි ලෙස රඳා පවතී. ඉන්දියාව රුසියාවෙන් වට්ටම් සහිතව රුසියානු බොරතෙල් මිලදී ගැනීම වේගවත් කර ඇති අතර, එය බටහිර සම්බාධක වලට මුහුණ දී සිටින පුටින්ගේ ජාතියට ප්‍රධාන මූල්‍ය ජීවන මාර්ගයක් ලබා දෙයි.

2023-24 දී දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියන 65 කට ආසන්න අගයක් ගෙන ඇති අතර මෙවර සංචාරය මඟින් දෙපාර්ශවය අතර වෙලඳ අසමතුලිතතාවය අඩු කිරීම මෙන්ම රුසියානු හමුදාවට සහායක කාර්ය මණ්ඩලයක් ලෙස ඉන්දියානුවන් බඳවා ගැනීම අවසන් කිරීමට සහ තවමත් හමුදාවේ ක්‍රියාත්මක වන අය නැවත පැමිණීම සහතික කිරීම මෙවර සාකච්ජා අතර ප්‍රමුඛ වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...