ක්ලබ් වසන්ත ඝාතනය පිටුපස සැඟවුණු කරුණු රැසක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 09, කොළඹ (LNW):

බුඩායි ආරංචි මාර්ග සදහන් කරන්නේ,ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු මේ සදහා සම්බන්ධ කර ගෙන ඇත්තේ මේ වන විට විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුංගල්ලේ ලොකු පැටී විසින් බවයි.

යුරෝපයට පලාගොස් සිටින පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගේ මෙහෙයවීමෙන් අහුංගල්ලේ ලොකු පැටී මෙය සිදුකර ඇති බව ආරංචි මාර්ග පවසන අතර , අහුංගල්ලේ ලොකු පැටී විසින් දුලාන් සංජුල නමැති ටැටූ නිර්මාණකරුවාට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදී ටැටූ කෙටීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට උපදෙස් දී ඇති බවද වාර්තා වේ.

එම ටැටූ නිර්මාණ ශිල්පියා විසින් අතුරුගිරිය නගරයට ආසන්න ටැටූ කෙටීමේ ව්‍යාපාරික ස්ථානයක් ආරම්භ කර ඊයේ (08) උදෑසන එය විවෘත කිරීමට සැළසුම් කළේය.එය විවෘත කිරීමට ප්‍රධාන ආරාධිතය අමුුත්තා වශයෙන් ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ගෙන්වා ගෙන ඇත.අහුංගල්ල ලොකු පැටීගේ මත්කුඩු විකිණීමේ ජාවාරමට එම ටැටූ ව්‍යාපාරිකයාගේ මව සම්බන්ධ බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...