බාධක එකිනෙක බිඳ දමමින් අරගලකරුවන් ජනපති මන්දිරයේ ගේට්ටුව අසලටම

Date:

කොළඹ චැතම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය වෙත පැමිණි අරගලකරුවන් පාලනය කිරීම සඳහා චැතම් වීදියේ ස්ථාන කිහිපයක මාර්ග බාධක ඉදිකර තිබිණි. මීට අමතරව අරගලකරුවන් පාලනය කිරීම සඳහා අවස්ථා කිහිපයකදීම පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනු දක්නට ලැබිණි.

කෙසේ නමුත් දස දහස් ගණනක් වූ අරගලකරුවන් මාර්ග බාධක සහ කඳුළු ගෑස් ප්‍රහාර නොතකා ඉදිරියටම ඇදුණු අතර පොලීසිය ගත් ක්‍රියාමාර්ග සියල්ලම අසාර්ථක විය.

මේ වනවිට අරගලකරුවන් පාලනය කිරීම සඳහා ආරක්ෂද හමුදා සාමාජිකයන්ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

සියලු බාධා බිඳදමමින් ඉදිරියට ඇදුණු අරගලකරුවන් මේ වනවිට ජනාධිපති මන්දිරයේ ප්‍රධාන ගේට්ටුව අසලටම පැමිණ තිබෙනවා. ඔවුන් ජනාධිපති මන්දිරය වෙත පිවිසීම සඳහා උත්සාහ දරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...