”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද”

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (08) පැවති ”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද”  යන මැයෙන්  සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

“පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළෙඳපොළ තුළින් ඉතාම යහපත් ප්‍රතිචාර තමයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගියා වගේම, ණය වෙළෙඳපොළ තුළ පොලී අනුපාත පහළ යන අයුරු දක්නට ලැබුණා. එමඟින් මම හිතන්නේ විදේශ ණයහිමිකරුවන්ටද පැහැදිලි පණිවුඩයක් ලබාදෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට හැකියාව ලැබේවි අපට සහනයක් ලබාදීම සඳයා අව්‍යශ පැහැදිලි කිරීම සිදුකරන්න. ජනාධිපතිවරයා පවා සඳහන් කළ ආකාරයට මෙහි මූලික අරමුණක් බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒ අනුව අපේ පළමු ඉලක්කය වූ IMF‍ ණය ගිවිසුමට අදාළ එකඟතාවයන් අවසන් කරලා තියෙනවා. දැන් අපට අවසන් කිරීමට තිබෙන්නේ දේශීය සහ විදේශීය ණයහිමියන් සමග සංශෝධන සිදුකිරීම ගැන සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹීම.”

ලෙස මහබැංකු අධිපතිවරයා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට විරුද්ධ වන සියලු රටවල් වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් නව බදු පනවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තමා ග්‍රීන්ලන්තය අත්පත්...