”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද”

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට වෙළෙඳපොළෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (08) පැවති ”ශ්‍රී ලංකාව ආයෝජන සඳහා සූදානම්ද”  යන මැයෙන්  සාකච්ඡාවකට එක්වෙමින් ඔහු එම අදහස් පළ කළේය.

“පසුගිය සතියේ අපි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කළා. ඒ අනුව අපිට වෙළෙඳපොළ තුළින් ඉතාම යහපත් ප්‍රතිචාර තමයි මේ වෙනකොට ලැබිලා තියෙන්නේ. කොටස් වෙළඳපොළ මිල ගණන් ඉහළ ගියා වගේම, ණය වෙළෙඳපොළ තුළ පොලී අනුපාත පහළ යන අයුරු දක්නට ලැබුණා. එමඟින් මම හිතන්නේ විදේශ ණයහිමිකරුවන්ටද පැහැදිලි පණිවුඩයක් ලබාදෙනවා. ඒ ඔස්සේ ඔවුන්ට හැකියාව ලැබේවි අපට සහනයක් ලබාදීම සඳයා අව්‍යශ පැහැදිලි කිරීම සිදුකරන්න. ජනාධිපතිවරයා පවා සඳහන් කළ ආකාරයට මෙහි මූලික අරමුණක් බවට පත්වුණේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම. ඒ අනුව අපේ පළමු ඉලක්කය වූ IMF‍ ණය ගිවිසුමට අදාළ එකඟතාවයන් අවසන් කරලා තියෙනවා. දැන් අපට අවසන් කිරීමට තිබෙන්නේ දේශීය සහ විදේශීය ණයහිමියන් සමග සංශෝධන සිදුකිරීම ගැන සාකච්ඡා කරලා ගිවිසුමකට එළඹීම.”

ලෙස මහබැංකු අධිපතිවරයා පැවසීය .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...