ඇමති ටිරාන්ගේ නිර්දේශ මත හිටපු පොලිස්පතිට සේවා දිගුවක්

Date:

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම සේවා දිගුව ලබාදී ඇත.

ඒ මාස තුන ඇතුළත මීළඟ පොලිස්පති ධුරය සඳහා සුදුසුකම් සහිත ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තෝරාගැනෙනු ඇති බව සඳහන්.

සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු 26 වනදා විශ්‍රාම යාමට නියමිතව සිටි අතර එහිදී ජනාධිපතිවරයා විසින් මාස තුනක සේවා දිගුවක් ලබාදෙන ලදී. එම මාස තුනක කාලය පසුගිය ජුනි 26 වනදායින් අවසන් විය. ඒ අනුව අද සිට ලැබෙන සේවා දිගුව වික්‍රමරත්න මහතාගේ දෙවැනි සේවා දිගුවයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හැංගිලා හිටපු තුසිත හල්ලොලුව අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු...

ජාතික සතොස සහල් – ඇමති වසන්තගෙන් අලුත් වැඩක් !

සටහන - රුවන් නෙළුගොල්ල "ජාතික සතොස” වෙළඳ සන්නාමය සඳහන් ඇසුුරුම්...

අරුණ පත්තරේ නිරෝෂා වාසල CIDයට කැඳවයි !

"අරුණ" පුවත්පතේ මාධ්‍යවේදිනී නිරෝෂා වාසලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...

බහරේන් යන යොවුන් කණ්ඩායමට තහනම් අඩවි පෙන්නා දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව...