8 වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය ජූලි 23 සිට චීනයේ Kunming හි දී1

කොළඹ LNW:8වැනි චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය එළඹෙන 23වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Kunming නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

චීන රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(9) මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ පිළිබඳව සඳහන් කළා.

මෙවර චීන-දකුණු ආසියා ප්‍රදර්ශනය මෙම වසරේ චීනය දකුණු ආසියා රටවල් සමග පවත්වන වැදගත්ම ආර්ථික හා වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් වන බව චීන වාණිජ උප ඇමති Li Fei මහතා එහිදී පැවසුවා.

එම ප්‍රදර්ශනය චීනය සහ දකුණු ආසියා රටවල් අතර ප්‍රතිපත්තිමය හුවමාරු වේදිකාවක් මෙන්ම ‍වෙළඳ භාණ්ඩ ගණුදෙනු වේදිකාවක් ද වනවා.

මේ වන විට එම ප්‍රදර්ශනයට එක් වීම සඳහා ව්‍යවසායන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අත්සන් තබා ඇති අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාවේ හා අග්නිදිග ආසියාවේ සියලුම රටවල් ආවරණය වන විදේශීය සමාගම් වන බවයි වාර්තා වන්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...