අර්බුදයෙන් ගොඩ එන්න ලංකාවට උදව් කරන්න – ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි

දේශපාලන හා ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාදිය යුතු බව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය පවසනවා. කොන්ග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය ඉන්දීය මධ්‍යම රජයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට ඉදිරිපත් වන ලෙසයි.

ශ්‍රී ලංකාවේ පවත්නා වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බවද ඇය කියා සිටිනවා.

අත්‍යවශ්‍ය භාණ්ඩ හිගය, ඉන්ධන අර්බුදය ඇතුළු ශ්‍රී ලාංකික ජනතාව මුහුණ දෙන අර්බුද ඉතා ඉක්මනින් අවසන් වී ජනජීවිතය සාමාන්‍ය තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, යළිත් පෙර මෙන්ම නැගී සිටීමට ශ්‍රී ලාංකිකයන්ට ශක්තිය තිබෙන බවත් සෝනියා ගාන්ධි මහත්මිය සඳහන් කරනවා.

කොන්ග්‍රස් පක්ෂයේ සහයෝගය උපරිමයෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන බව පෙන්වා දෙන ඇය පවසන්නේ ඉන්දීය මධ්‍යම රජය හරහා ලබාදෙන සහන ඉදිරියටත් හිමිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ඇය ප්‍රකාශ කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...