*
Monday, September 23, 2024
spot_img

Latest Posts

කෝප් සහ කෝපා කමිටු ළිඳ ළඟ සංඟමයක් නොවීමට නම්,

කෝප් සහ කෝපා කමිටු කියන්නේ ජනතාව අතර ඉතාමත් ජනප්‍රිය පාර්ලිමේන්තු කාරක සහා දෙකක්. පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව තියන කාරක සභා දෙක ඒ දෙකයි. කෝප් සහ කෝපා කමිටු පත් කරන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවයෙන්.කෝප් කමිටුව කියලා අපි කියන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට.පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වෙන්නේ රාජ්‍ය සංස්ථාවල සහ යම් ලිඛිත නීතියක් යටතේ ආණ්ඩුවට පැවරී තිබෙන වෙනත් ව්‍යාපාරවල ගිණුම් සහ ඒ ගිණුම් පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තා පරීක්ෂා කරමින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල මූල්‍ය විනය පවත්වාගෙන යෑමයි.

කෝපා කමිටුව කියන්නේ රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවට.රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ කාර්යභාරය වෙන්නේ රාඡය සහ අමාත්‍යාංශ,දෙපාර්තමේන්තු,පලාත් සභා සහ පාලාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාව සහ මූල්‍ය විනය පවත්වාගෙන යෑමයි. ඇත්තටම බලනකොට මේ දෙක කියන්නේ ප්‍රභල පාර්ලිමේන්තු කාරක සහා දෙකක්. පාර්ලිමේන්තුව ඇතුලේ මේ කාරක සභා දෙකට හිමි තැන මොකද්ද කියලා හරියටම කියන්න රටේ රාළ දන්නේ නැති උනත් ජනතාව ඉස්සරහා නම් මේ කමිටු දෙක හරියට ලීලයි,කමලයි,චම්පයි,රේඛයි,බානුමතී, නයනයි,සදරේඛයි රැස්වෙන ළිඳ ළඟ සංගමය වගේ වෙලා.ඒ කියන්නේ එකිනෙකාට ඕපාදූප සන්නිවේදනය කරන තැනක් වගේ වෙලා.ඕපාදූප කියන ඒවා අහනවා හරි කියනවා හරි විතරයි.ඒවාට එරෙහිව හරි පක්ෂව හරි කවදාවත් ක්‍රියාමාර්ග ගන්නේ නෑ හැමදාම ඔපාදූප කියනවා.ඇත්තටම කෝප් සහ කෝපා කමිටු ළිඳ ළඟ සංගමය වගේ කියලා රටේ රාළ කියන්නේ නිකං නෙවෙයි.

දැන් මේ කමිටු දෙක කාලෙක ඉදන් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන.අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු,පාලාත් සභා,පලාත් පාලන ආයතනවල නිලධාරීන් කැඳවනවා. ඒවා මාධ්‍යවල පෙන්නවා.ජනතාවත් ඒවාට ගොඩක් සංවේදී.කට ඇරගෙන තමයි බලා ඉන්නේ.අපි දන්න කාලය පුරාවට කෝප් එකට, කෝපා එකට ගෙන්නන ආයතනවල අකාර්යක්ෂමතාවය,දුෂණ,වංචා,නොසලකා හැරීම් සියල්ල රට ඉස්සරහා දකිනවා.මේ හැම ආයතනයකම විවිට මට්ටම්වලින් හොරකම,දුෂණය, අකාර්යක්ෂමතාවය අඩු වැඩි වශයෙන් තියනවා.ඒවා රට ඉස්සරහා ප්‍රකාශ වෙනවා.හැබැයි එතනින් එහාට මොකද්ද වෙන්නේ කියන එක සම්බන්ධව නිරවුල් අදහසක් ජනතාවට නෑ.මේ කමිටු කියන්නේ සියලු බලතල තියන ඒවත් නෙවෙයි.තීන්දු ගන්න,දඩුවම් කරන්න කෝප් කමිටුවටවත්,කෝපා කමිටුවටවත් බෑ.එයාලට පුළුවන් විමර්ශණයක් කරන්න සහ ඒ විමර්ශණයට අදාලව නිර්දේශ ඉදිරිපත් කරන්න විතරයි.ඒ දෙන නිර්දේශ දෙනවා ඇත්තේ කතානායක හරහා පාර්ලිමේන්තුවට සහ ආදාල ආයතනවලට වෙන්න ඕනි.

ඇත්තටම ඒ දෙන නිර්දේශ ගැන ජනතාවට අදහසක් නෑ.එතන ලොකු අවුලක් තියනවා.ජනතාවට හෙන රන්ඩුවක් පෙන්නනවා.ඒකේ විනිසුරුවන් ඉන්නවා,චූදිතයන් ඉන්නවා.ප්‍රශ්න කරන අය ඉන්නවා. කෙස් පැලෙන තර්ක සහ ඇඟ කිලිපොළා යන කතා ඇහෙනවා. සියල්ල භෙලිදරව් කරගත්තා වගේ තමයි හිතෙන්නේ,හැබැයි මේ ඔක්කොම ජනතාවට දැක ගන්න සලස්සලා ඒවට දෙන නිර්දේශ විතරක් ජනතාවගෙන් වසන් කරනවා.ඒවා සමාජ ගත වෙන්නේ නෑ.රටේ රාළ කියන්නේ කොප්, කෝපා කමිටුවල කාර්යභාරය ළිඳ ළඟ සංගමයේ කාර්යභාරය වගේ වෙලා හරියන්නේ නෑ කියලයි. ඒවායේ ක්‍රියාකාරීත්වය ගැන රන්ඩුවෙන් එහාටත් ජනතාවට විවෘත වෙන්න ඕනි.එහෙම නොවීම විසින් තමයි ඔය දෙකත් ළිඳ ළඟ සංගම් ගානට වැටෙන්නේ. ඔයාලටත් තේරෙනවා ඇති කෝප් සහ කෝපා කමිටුවල ක්‍රියාවලිය එහෙම ඉවර කරලා හරියන්නේ නෑ කියලා.ආයතනවල ක්‍රියාවලිය ජනතාව ඉස්සරහා තියලා හම ගැහුවට පස්සේ අඩුම වශයෙන් ජනතාවට සෑහීමකට පත්වෙන්න පුළුවන් ඊළග පියවර මොකද්ද කියලා හරි කියන්න ඕනි.

අඩුම ගානේ මේ කමිටු ප්‍රධානීන්ට මෙහෙම හරි කරන්න පුළුවන්.ඔය කමිටු ක්‍රියාවලියට ආයතන පහක් විතර කැදෙවිවට පස්සේ ඒ ගැන සමාලෝචනයක් ජනතාවට ඉදිරිපත් කරන්න.මෙන්න මේ ආයතනය ගැන අපි කරපු විමර්ෂණයේදී මේ දේවල් අණාවරණය වුනා.ඒ ගැන අපේ නිර්දේශ මෙන්න.ඒවාට අදාල ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා මේ මේ ආයතනවලට යොමු කරලා තියනවා කියලා.ඒ දෙන නිර්දේශ ජනතාව දැන ගැනීමෙන් එයාලට දඩුවමක් හම්බ වෙන්නේ නෑ. අනික ඔය කාටවත් නීතියෙන් දඩුවම් හම්බ වෙයි කියලා රටේ රාළ නං විස්වාස කරන්නේ නෑ.මොකද සියලු ආයතන දුෂිත වෙච්චි රටක හොරුන්ට දඩුවම් දෙන්න පුළුවන් ආයතන තියෙන්න විදිහක් නෑ.අපේ රටේ හොරු බහුතරක් නිදැල්ලේ ඉන්නේ.හැබැයි මේ හෙලිදරව් කිරීම විසින් ඇතිවෙන සමාජ අවධානය ඇතුලේ මෙතෙක් කරපු හොරකම්, තක්කඩිකම් කෙසේ වෙතත් මෙතනින් එහාටවත් ඒවා නතර කරපං අපි බලාගෙන ඉන්නේ කියන සමාජ පීඩනය හරි හදන්න පුළුවන්. අන්න ඒ මැදිහත්වීම කරන්න ජනතාවට විශ්වාසය හදන වැඩේ මේ කමිටු ප්‍රධානීන්ට කරන්න පුළුවන්.

එතකොට තමයි කෝප්,කෝපා කමිටුවලට අදාල පාර්ලිමේන්තු ක්‍රියාවලියේ කොටසක් හරි සම්පුර්ණ වෙන්නේ.ඒ උනන්දුව ඇත්තටම හදන්න ඕනේ ආණ්ඩුව පැත්තෙන්.නැත්තං විපක්ෂය කරන්නේ හැම වෙලේම කෝප් සහ කෝපා කමිටු දෙකෙන් රටට පෙන්නන පැත්ත ඊළග ඡන්ද කැම්පේන් එකට යොදා ගන්න එකයි.ඒකෙන් වාසි ගත්තත් එයාලත් බලයට ඇවිත් කරන්නෙත් ඒ ටිකම තමයි.නිකං හිතන්නකෝ අනුර කුමාර සහෝදරයා වංචා දුෂණ ෆයිල් හදාගෙන කැගැහුවේ මොකටද?එයාට වේදිකාවක් හදා ගන්න නෙවෙයිද?එතනින් එහාට ඒ ෆයිල් ගැන මොනවද අරන් තියන පියවර.සජිත්ලා දුෂණ විරෝධය ගැන කතා කලාට සජිත්ටත් බරපතල දුෂණ චෝදනා නැද්ද?ඒවා විතරක් බොරුද?බහිරවයට කතා කරන්න බැරි හින්දා හොදයි. ආණ්ඩුව ගැන නං කතා කරලම වැඩක් නෑ.එතන ඉන්නේ International බඩු.හැබැයි විපක්ෂය කරන්නේ අපේ ආවොත් මේවා වෙනස් කරනවා කියලා බලය ගැනීමේ මෙහෙයුමට මේ රටේ වංචා දුෂණ පවා පාව්චි කරගන්න එකයි. දැන දැනම වංචා දුෂණ කරපු අය හෙලි නොකිරීමෙන් සමහරවිට වෙන වාසිත් ඔය දෙපැත්තටම ඇති. අද දේශපාලනයේ ඉන්න ගොඩක් අය කරන්නේ හොරාට උඹ හොරෙක් බව මම දන්නවා කියන සිග්නල් එක දීලා හොරාගෙන් වාසි ගන්න එකයි.

මහින්ද ෆයිල් තියාගෙන කරපු දේම තමයි අද අනුර සහෝදරයා ෆයිල් ගොඩ ගහගෙන කරන්නේ.ඒක නිසා මේ සම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට යන වෙනසක් කරන්න කෝප් සහ කෝපා කමිටුවල පුළුවන්.එයාලා කරන්න තියෙන්නේ තමන්ගේ නිර්දේශ ටික ගැන ජනතාවට කියන එක විතරයි.රටේ රාළ කියන ඔය පුංචි පියවර ක්‍රියාත්මක කලොත් දුෂණයට එරෙහිව ලොකු සමාජ මතයක් සහ දූෂිතයන්ට ලොකු බයක් හදන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ කාරකා සභා ක්‍රියාවලිය ශක්තිමත් කරන්න නං ඒ වගේ ප්‍රයෝගික සහ උපක්‍රමික ක්‍රියා මාර්ග අනුගමනය කරන්න ඕනි. එතකොටයි ඒවයින් ප්‍රතිඵල එන්නේ.මොකද ලංකාවේ කිසිම රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක් හරියට වැඩකරලා නෑ.හැමතැනම තියෙන්නේ දුෂණය සහ අකාර්යක්ෂමකමතාවය.ඇත්තටම දේශපාලනඥයින්ට වඩා සිය දහස් ගුණයක් නිලධාරීන් හොරකම් කරනවා.දේශපාලනඥයා කරන්නේ හොරකම් කරන නිළධාරියා රකින එකයි.ඒ මනස දේශපාලනඥයාට එන්නේ මිනිහත් හොරෙක් හින්දා තමයි.

අපේ රටේ පක්ෂ,විපක්ෂ දේශපාලනඥයින් කරන්නේ විවිධ ක්‍රමවලට හොරුන් රකින එකයි. බලන්න සතුත් වත්තට කුරුල්ලෝ මිලදී ගන්න ගිහින් කරලා තියන දූෂණය.එක කුරුල්ලෙක් මිලදී ගන්න සියයට තුන්දාස් ගානක් වැඩිය ගෙවලා.රුපියල් 39000ක් වෙන කුරුල්ලා අන්තිමට අරන් තියෙන්නේ මිලියන 1.5 කට.එතන ඉන්න නිලධාරිණියක් කියනවා ඉන්ටනෙට්වලින් මිල ගණන් ගනිද්දී පොඩි වැරදීමක් වෙලාලු.යකෝ රුපියල් 39000 ක් රුපියල් ලක්ෂ පහළොවක් වෙන එක මාර පොඩි වැරදීමක්නේ.දැන් බලනකොට සත්තු වත්තේ ඉන්න අහිංසක සත්තුන්ට මුවාවෙලා ජනතාවගේ මුදල් ගසාකන ජරා සත්තු ටිකක් සත්තු වත්තේ ඉන්න මනුසත්තු අතරත් ඉන්නවා.කොහොම උනත් කොප් සහ කෝපා කමිටුවලින් මොකවත් වෙන්නේ නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ.හැබැයි වහාම කෝප් සහ කෝපා කමිටු ළිඳ ළඟ සංගමයෙන් එහාට යන ජනතාවාදී වැඩපිළිවෙළට ලෑස්ති වෙන්න ඕනි.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan