ප්‍රංශ යුවතියට මරු කැදවූ සෙල්ෆිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

19 හැවිරිදි ප්‍රංශ ජාතික තරුණියක් මියගොස් තිබෙන බව වාර්තා වේ.

ඒ ඇල්ල පල්ලේවෙල දිය ඇල්ල නැරඹීමට ගොස් සිය පෙම්වතා සමග දිය ඇල්ලේ ගල්පර්වතයකට නැග ඡායාරූප ගැනීමට යාමේදී ඉන් ලිස්සා අඩි 200ක් පමණ පහළට ඇද වැටීමෙන් බව සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ මොනික්වි යාකෝට් ඩර්කේන් නැමැති 19 හැවිරිදි තරුණියක් බව සඳහන් වේ.

පසුගිය 25 වැනිදා ඇය මෙරටට සංචාරයක් සඳහා සිය පෙම්වතා සමග පැමිණ ඇති බවත් පසුව මොවුන් දෙදෙනා ඇල්ල ප්‍රදේශයේ සංචාරයකත් නිරතව තිබෙන බව පැවසේ .

එසේ පැමිණි මොවුන් දෙදෙනා තවත් විදේශීය සංචාරක යුවලක් සමග ඇල්ල දිය ඇල්ල නැරඹීමට ගොස් ඇති අතර එහිදි ගල් පරයක් උඩ නැගී ඡයාරූප ගැනීමේදි ඇය ඉන් ලිස්සා ගොස් තිබෙන බව වාර්තා වේ.

අනතුරුව , ගම්වාසීන් මහත් වෙහෙසක් දරා ඇයව ප්‍රපාතයෙන් උඩට ගෙන විත් වහාම වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ,එහිදි දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදියි ඇය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...