සෞඛ්‍ය සේවාවේදී රණවිරුවන්ට පළමු තැන!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු මැදිහත්වීමෙන් යුතුව රට වෙනුවෙන් ජීවිත පුදකරන ලද සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදි ප්‍රමුඛතාව ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී ඇත.

සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේදි ඇතැම් අවස්ථාවන් හිදි රණවිරුවන්ට ඇති වූ අපහසුතා පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුවීමෙන් පසු ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යවරයා සමග කරන ලද සාකච්ඡාවේ ප්‍රථිපලයක් මත සෞඛ්‍ය සේවා ලබාදීමේදි විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය මත එම සේවාවන් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරනු ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේඒ අනුව, රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී මෙන්ම වෛද්‍ය, දන්ත, අක්‍ෂි, ළමා හා පූර්ව ප්‍රසව සහ අනිකුත් සායනවලදී ද, සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් පවත්වනු ලබන සායනවලදී ද, රණවිරුවන්ට මෙන්ම ඔවුන්ගේ යැපෙන්නන් හට ප්‍රමුඛත්වය ලබාදී ප්‍රතිකාර කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සියලුම පළාත් සෞඛ්‍ය සේවා සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකවරුන් මාර්ගයෙන් අදාල රෝහල්වල අධ්‍යක්‍ෂකවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරින් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...