විදුහල්පතිවරුන්ට සහනයක්!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 11, කොළඹ (LNW):

විදුහල්පතිවරුන්ට සන්නිවේදන හා ප්‍රවාහන දීමනාවන් ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටී.

අමාත්‍යවරයා මේ බව පවසන්නේ, වැටුප්, දීමනා පිළිබඳව විදුහල්පතිවරුන් සිදුකරන උද්ඝෝෂණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අධ්‍යාපන ලේකම්වරිය සහ මහා භාණ්ඩාගාරය එක්ව එම තීරණය ගනු ලබන බවත් විදුහල්පතිවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කර තිබූ බවත්, එමෙන්ම විදුහල්පතිවරුන්ගේ දීමනා වැඩි කිරීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවත් කමිටුව ඔස්සේ සෙසු දීමනා සමග සසඳා බලා විසඳුමක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන්නේ, පාසල් පද්ධති තුළ විදුහල්පතිවරුන් 16,000ක් සිටිය යුතු වුවත් , තමන් අමාතය ධූරය බාරගන්නා විට 9000ක විදුහල්පතිවරුන් පිරිසක් පමණක් සිටි බවත් පසුව 4000කට වැඩි පිරිසකට විදුහල්පති පත්වීම් ලබාදී පාසල් පවත්වාගෙන යෑමට පියවර ගත් බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...