Next Sri Lanka තුලින් තරුණ තරුණියන්ට 50000කට අවස්ථාව!

කොළඹ LNW: ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ඉදිරි වසර පහ තුළ පවුල් ලක්ෂ 20ක් සවිබලගැන්වීමේ Next Sri LAnka රාජ්‍ය වැඩසටහනට සමගාමීව අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 18ත් 35ත් අතර තරුණ තරුණියන් 50000ක් දෙස් විදෙස් රැකියාගත කිරීමේ රැකියා පුහුණු පූර්ණ ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඒ අනූව ජුලි 15 ට යෙදෙන ජාත්‍යන්තර තරුණ නිපුණතා දිනට සමගාමීව ජුලි 15 සිට 23 දක්වා පුරා සතියක් දිවයිනේ සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී, උදෑසන 9.00 සිට සවස 4.00 දක්වා තරුණ තරුණියන්ගේ නිපුනතවය පරික්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

www.nextsrilanka.lk වේත පිවිසීමෙන් ඔබට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...