ඔබේ ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයෙන් AI එකට ඕනෑම දෙයක් කළ හැකිද? Meta, Instagram AI පහසුකම හදිසියේ ඉවත් කරයි!

සටහන – පුලී

ජූලි 11, LNW (කොළඹ):  තාක්ෂණ ලෝකයේ නව පියවරක් ලෙස හඳුන්වා දුන් Meta සමාගමේ නවතම AI රූප නිර්මාණ මෙවලමක් හදිසියේම ඉවත් කිරීමට සිදුව තිබේ.

Instagram හි මව් සමාගම වන Meta විසින් හඳුන්වා දුන් Muse Image නම් AI මෙවලම මගින් පරිශීලකයන්ට කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් නව රූප සහ වෙනස් කළ ඡායාරූප නිර්මාණය කිරීමට හැකියාව ලබා දී තිබුණි.

එහෙත් මෙම පහසුකමේ විශේෂ අංගයක් දැඩි විවේචනයට ලක් විය. ඒ අනුව Meta AI chatbot භාවිතා කරන පුද්ගලයන්ට Instagram හි පොදු (public) ගිණුම්වල අන්තර්ගතය යොදාගෙන AI නිර්මාණ සෑදීමට හැකි විය.

මෙය බොහෝ පරිශීලකයන් අතර පෞද්ගලිකත්වය පිළිබඳ බියක් ඇති කරන්නට වූ කරුණක් විය. විශේෂයෙන්ම public ගිණුම් හිමියන්ගේ ඡායාරූප සහ පෙනුම ඔවුන්ගේ පැහැදිලි අවසරයකින් තොරව AI මගින් වෙනස් කළ හැකි බවට අවධානය යොමු විය.

සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් එල්ල වූ දැඩි ප්‍රතිචාර හමුවේ Meta සමාගම පිළිගෙන ඇත්තේ මෙම පහසුකම “අපේක්ෂිත මට්ටමට නොගිය” බවයි. ඒ අනුව එම විශේෂාංගය තවදුරටත් ලබා නොදීමට සමාගම තීරණය කර තිබේ.

Muse Image යනු Meta සමාගමේ AI රූප නිර්මාණ ක්ෂේත්‍රයට කළ පළමු ප්‍රධාන පියවරක් ලෙස සැලකුණද, එය ආරම්භයේදීම පෞද්ගලිකත්ව ගැටලු හේතුවෙන් අභියෝගයකට මුහුණ දුනි.

AI තාක්ෂණය වේගයෙන් ඉදිරියට යන මේ යුගයේ, නවෝත්පාදනය සහ පරිශීලකයන්ගේ පෞද්ගලික අයිතිවාසිකම් අතර සමතුලිතතාවය තබා ගැනීම තාක්ෂණ සමාගම් ඉදිරියේ ඇති විශාලතම අභියෝගයක් බව මෙම සිදුවීම නැවතත් පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදය (24) අද!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ට්‍රම්ප් ගුවන් තොටුපොළේදී ෂී ජින්පින් පිළිගනී – “චීනය සහ ඇමරිකාව ප්‍රතිවාදීන් නොව හවුල්කරුවන් විය යුතුයි”

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: තෙදින නිල...

මී. මී.100ට වැඩි තද වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : මේ වනවිට...

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...