චීනයේ ගංවතුරෙන් පලා ආ VIP අමුත්තෝ!

සටහන – පුලී

ජූලි 11, LNW (කොළඹ): චීනයේ දකුණු ප්‍රදේශයක ජනතාවට මේ දිනවල කාලගුණයෙන් පමණක් නොව, “අමතර අමුත්තන්” කිහිප දෙනෙකුගෙන්ද ආරක්ෂා වීමට සිදුව තිබේ.

මෙලෙස දැඩි වැසි සහ ගංවතුර හේතුවෙන් ගුවැන්සි ප්‍රදේශයේ සර්ප අභිජනන ගොවිපළක සිටි සර්පයන් සිය ගණනක් තමන්ගේ නිදහස් සංචාරය ආරම්භ කර තිබේ. එම කණ්ඩායමේ විශේෂ ආරාධිතයන් ලෙස නාගයන් කිහිප දෙනෙකුද එක්ව සිටීම නිසා ප්‍රදේශවාසීන්ගේ බිය තවත් වැඩි වී තිබේ.

ගංවතුරෙන් ගොවිපළේ සීමා බිඳී ගිය පසු සර්පයන් සිතුවේ, “මේ තරම් විශාල ලෝකයක් තියෙද්දී කූඩුවක ඉන්නෙ මොකටද?” කියා විය හැකිය.

රාජ්‍ය මාධ්‍ය නිකුත් කළ වීඩියෝවක දැක්වෙන්නේ ජනතාව දැල් රැගෙන මඩ සහිත ජලය අතරින් සර්පයන් සොයන ආකාරයයි. 

පලාගිය සර්පයන් අතර ජල සර්පයන්, කිං රැට් සර්පයන් සහ නාගයන් ඇතුළත් බව වාර්තා වේ.

එක් ප්‍රදේශවාසියෙකු පැවසුවේ, “සර්පයෝ සිය ගණනක් එකවර පැනලා ගියා. මම නම් පහක් හයක් දැක්කා” යනුවෙනි. ඔහු නිවස පිරිසිදු කරමින් සිටියදී නාගයෙකුගේ දෂ්ටයට ලක්ව රෝහල්ගත කර තිබේ.

මේ අතර ප්‍රදේශයේ වෛද්‍යවරුන්ටද වැඩි විවේකයක් නොලැබී තිබේ. ගංවතුරෙන් පසු “සර්ප දෂ්ටන අංශය” කාර්යබහුල වී ඇති බව වාර්තා වේ.

ගංවතුරෙන් නිවාස අහිමි වූ මිනිසුන් 50,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යවා ඇති අතර, ප්‍රදේශයේ ජීවිත හානිද වාර්තා වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...

22ට එරෙහි 24: සජබ විරෝධය ඇරඹේ!

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

හබීබ් රිෆාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...