*
Thursday, May 9, 2024
spot_img

Latest Posts

‘LORRAINE’ නෞකාව දිවයිනට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘LORRAINE’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (11) උදෑසන කොළඹ වරාය වෙත පැමිණ තිබේ.

‘LORRAINE’ නෞකාව Air – defence Multipurpose frigate වර්ගයට අයත් නෞකාවක් වන අතර දිග මීටර් 142.20 ‘LORRAINE’ නෞකාවේ නාවික කාර්ය මණ්ඩලය 154කගෙන් සමන්විත වෙයි.

‘LORRAINE’ නෞකාවේ අණදෙන නිලධාරී ලෙස Captain Xavier BAGOT කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා  සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කෙරිණි.     

ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරි සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා අතර නිල හමුවක්  බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදුකර ඇත .   

‘LORRAINE’ නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නාවිකයින් දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර ‘LORRAINE’ නෞකාව ජුලි 15 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක (PASSEX) නිරතවීමටද නියමිතව ඇති  බවයි නාවික හමුදා මූලස්ථානය පපවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan