නේටෝ සමුළුව මෙවර ලිතුවේනියාවේ රැස් වේ.

මෙවර සමුළුවේ යුක්රේනයේ යුද්ධයේ දිශානතිය සහ බටහිර සන්ධානයේ අනාගතය හැඩගස්වා ගැනීම පිළිබඳ සාකච්ඡා කෙරේ.

මෙවර නේටෝ සමුළුව මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් මූලිකත්වයේන් දෙදින සාකච්ඡාවන් සඳහා ලිතුවේනියාවේ රැස්ව තිබේ.

මෙවර සමුළුව ප්‍රධාන මාතෘකාවන් දෙකක් යටතේ සාකච්ඡා කෙරෙන අතර යුක්රේනයේ යුද්ධයේ දිශානතිය සහ බටහිර සන්ධානයේ අනාගතය හැඩගස්වා ගැනීම යන තීරණාත්මක කරුණු දෙක පිළිබඳව සාකච්ඡා කරනු ඇත.

මිත්‍ර පාක්ෂිකයින් 31 දෙනාම යුක්රේන යුද්ධයේදී යුක්රේනයට සිය දායකත්වය දක්වන්නට එකඟව ඇති අතර තවත් ආයුධ සහ පතොරම් ලබාදීම පිළිබඳව ද මෙවර සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත වේ.

මීට අමතරව නේටෝ සාමාජිකයන් තම හමුදා ශක්තිමත් කිරීම මගින් අනාගත රුසියානු ආක්‍රමණයට එරෙහිව සිය ආරක්ෂාව සහතික කර ගැනීම වෙනුවෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත වන අතර ඔවුන් සිය ජාතික ධනයෙන් අවම වශයෙන් 2%ක් හමුදා ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා වියදම් කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

සශිකලා මධුෂාණී_ (outbound today )

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...