පරණ ආණ්ඩු වැටෙනවා.අලුත් ආණ්ඩු හැදෙනවා.ලෝකෙම දැන් එහෙමයි.අපි මේ රට හදමු – AKD

Date:

කොළඹ LNW:තවදුරටත් මේ රට වට්ටන්න නම්, විනාශකාරී පාරේම ගෙනියන්න නම් සෙසු පක්ෂ තෝරාගත හැකි අතර රට හදන්න නම් තෝරාගැනීමට ඇත්තේ එකම ව්‍යාපාරයක් වන අතර ඒ ජාතික ජන බලවේගය බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ අද (12) ”පුනරුදයට රටම එකට” මාලිමාවේ සමන්තුරේ ජන රැළිය අමතමිනි.

රට විනාශ කරන ලද දේශපාලනය සහ නායකයින් අතහැරිය යුතු කාලය එළඹ ඇති අතර දැන් අලුත් ආණ්ඩුවක් හැදිය යුතු කාලය එළඹ ඇති බවයි දිසානායක මහතා පෙන්වා දුන්නේ.

”පාලකයින්ට ජීවත් වෙන්න බැරිද? පාලකයින්ගේ දරුවන්ට රස්සා නැද්ද? පාලකයෝ බඩගින්නේ ඉන්නවද? එහෙම එකක් වෙලා නැහැ. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාව එකතුවෙලා හදපු ආණ්ඩු තමුන්නාන්සේලා විටින් විට ජන්දේ දීලා හදපු ආණ්ඩු, තමුන්නාන්සේලා විටින් විට ජන්දේ දීලා ගෙනාපු නායකයෝ ඒගොල්ලෝ හැදුණා. ජනතාව වැටුණා. දැන් මේක වෙනස් කරන්න ඕනේ නැද්ද ? මම අහන්නේ මේ පැරණි ගමන අසාර්ථක ගමන වෙනස් කරනවද ? මේ විදිහටම යනවද ?මොකද කියන්නේ මාරු කරන්න ඕනේ. ඇයි ඒ? මේ රට හදන්න ඕනේ නිසා. පරණ පක්ෂ දැන් අත්හරින්න. පරණ දේශපාලනය දැන් අත්හරින්න. පරණ නායකයෝ දැන් අත්හරින්න. රට විනාශ කරපු නායකයෝ අත්හරින්න. අලුත් ආණ්ඩුවක් අපි හදමු. ලෝකෙම එහෙමයි දැන්. පරණ ආණ්ඩු වැටෙනවා. අලුත් ආණ්ඩු හැදෙනවා. ඒ නිසා ලංකාවේ අපි ඔක්කොම එකතු වෙලා අවුරුදු 76ක් මේ රට විනාශ කරපු දේශපාලන පක්ෂවලින් නායකයින්ගෙන් ගැලවිලා අපි අලුත් ආණ්ඩුවක් හදමු. මොකද කියන්නේ. ලෑස්තිද? නැද්ද? ආණ්ඩු හදන්න අපිට වුවමනාව තිබ්බට, මේ වේදිකාවේ ඉන්න අයට වුවමනාව තිබ්බට එහෙම ආණ්ඩු හදන්න බැහැ. අලුත් ආණ්ඩු හදන්න නම් තමුන්නාන්සේලාටත් වුවමනාව තියෙන්න ඕනේ. තමුන්නාන්සේලාත් වෙනස් වෙන්න ඕනේ. මොකද කියන්නේ. ලෑස්තිද? නැද්ද? අපි වෙනස් කරන්න පටන් ගමු. අපි හදනවා මේ රට. මතක තබ ගන්න. එම රට වට්ටන්න නම් මේ රට විනාශ පාරේම ගෙනියන්න නම් තෝරාගන්න අනිත් පක්ෂ. හැබැයි මේ රට හදන්න ඕනේ නම් තෝරාගන්න තියෙන්නේ එක ව්‍යාපාරයයි.ඒ තමයි ජාතික ජන බලවේගය. අපි මේ රට හදනවා.” යනුවෙන් දිසානායක මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...