හැංගුණ ඔලිම්පික් සහතිකවලට පාවඩ එළෙයි

Date:

නිශ්මං රණසිංහ ජූලි 12, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධිකරණය කළ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමෙන් පැවති අධ්‍යයන පාඨමාලාවක සහතික පත් බෙදා දීමක් ජාතික ඔලිම්පික් කමිටුවේ හේමසිරි ප්‍රනාන්දු ශ්‍රවණාගාරයේදී පැවත්වුණා.


ඒ සම්බන්ධයෙන් අප වෙබ් අඩවියට කරුණු දැක් වූ සහතිකපත්‍රලාභියෙකු පැවසුවේ මෙම පාඨාමාලා සමත්ව ලබා ගත් මෙම සහතික පත්‍ර මීට පෙර තමන්ට ලැබෙන්නට තිබුණු ඒවා බවයි.එහෙත් මේ සම්බන්ධයෙන් කරුණු විමසුවද නිවැරදි තොරතුරක් ලබා ගන්නට නොහැකි වූ බවය.කරුණු පෙන්වා දුන් සහතිකපත්‍රලාභියා ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ සුබ්‍රමනියම්ට කරුණු වාර්තා කළ බවත් ඉනික්බිති ඔහු ප්‍රධාන වී කරුණු සොයා බලා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවටත් තොරතුරු වාර්තා කර මේ අවස්ථාව ක්ෂණිකව සකසා දුන් බවය.
“මේකෙ විශේෂ වැඩේ මිස්ටර් සුරේෂට විරුද්ධ පිළේ සිටිය අයටත් දක්ෂතාවය මත සහතික ලබා ගන්නට බාධාවක් ඇති නොකිරීමයි.“


ඔහු තව දුරටත් අනාවරණය කරමින් පැවසීය.
මෑත කාලයේ ඇති වූ සිඳුවීම් මත විශාල ගැටළුකාරී තත්ත්වයකට ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව ගමන් කරද්දී,එම කරුණුවලට අනුව ඉවත් කරන්නට සිඳු වූ ලේකම්වරයාට සමීපව කටයුතු කළ සහ ඇතැම් කරුණු මත ඉවත් කිරීම් පවා කරන්නට සිඳු වූ පිරිස් පවා මෙම පාඨමාලාවේ සහතික ලබා ගන්නට එක්ව සිටි බව එම සහතිකපත්‍රලාභියාගෙන් දැන ගන්නට ලැබිණ.
“හිටපු ලේකම්තුමා ළඟින්ම හිටිය අයටවත් දීලා නැහැනෙ.ඒ අතින් බලන කොට සභාපතිවරයා හොඳයි.සුදුසුකම් ලබමින් සමත් වූ සියල්ලටම සහතික පත්‍ර බෙදා දෙන්න වැඩ කළා.“
මෙම පාඨමාලාව ජාතික ඔලිම්පික් කමිටුව මෙහෙයවන ඉහළ පරිපාලන වගකීම් දැරීමට සුදුස්කමක් ලෙස පිළිගන්නා සහතිකයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...