සතියක් තුළ චීනයට බලපෑ දෙවන සුළි කුණාටුව ගොඩබිමට කඩා වදී

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
පසුගිය සති අන්තයේ දකුණු චීනයට බලපෑ මයිසැක් සුළි කුණාටුවෙන් පුද්ගලයන් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් සතියක්වත් ගත නොවූ අවස්ථාවක, නැගෙනහිර චීනයේ ෂෙජියැං පළාතට ඊයේ (11) රාත්‍රියේ බාවි සුළි කුණාටුව ගොඩබිමට කඩා වැදී තිබේ.

පැයට කිලෝමීටර් 144ක (පැයට සැතපුම් 89ක) උපරිම වේගයකින් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මිලියන 1.7කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කර ඇති බව චීන බලධාරීහු පවසති. එමෙන්ම චීනයේ ජාතික කාලගුණ ඒජන්සිය විසින් තැඹිලි පැහැති ටයිෆූන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රට පුරා ගුවන් ගමන් සිය ගණනක් අවලංගු කර ඇති අතර, දුම්රිය සේවා සීමා කර තිබේ. මීට අමතරව බොහෝ පාසල් වසා දමා ඇති අතර, තොටුපළ සේවා ද තාවකාලිකව අත්හිටුවා ඇත.

අධික වර්ෂාව, ප්‍රබල සුළං සහ ගංවතුර අවදානම හේතුවෙන් ජනතාව අවශ්‍ය නොවන ගමන් බිමන්වලින් වළකින ලෙසත්, බලධාරීන්ගේ උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත් චීන බලධාරීන් ජනතාවට දැනුම් දී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයවැය දෙවන වර කියවීම වැඩි ජන්ද 97කින් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2027 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද...

යාපනයේ වායු දුෂණය අධිකරණයේ නඩුකරයක් දක්වාම එයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මේ දිනවල යාපනයේ වායු දුෂණය සම්බන්ධයෙන් විශේෂ...

මේ වසරේ මෙතෙක් සංචාරක පැමිණීම් ලක්ෂ 20 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසරේ මෙතෙක් මෙරටට පැමිණි සංචාරකයින්...

හේලීස් සමූහය හරහා NURA ළඟදීම ශ්‍රී ලංකාවට!

රෝගී තත්ත්ව කල්තබා හඳුනාගැනීම සඳහා නව ප්‍රවේශයක් AI තාක්ෂණයෙන් බලගැන්වුණු...