*
Friday, May 3, 2024
spot_img

Latest Posts

දර්ශා අක්කගේ නම ඇහෙන එකත් ශක්තියක් විශ්වාසයක් වුණා – නදීශා රාමනායක

“තරගයට පෙර තරග වාර්තා ගැන සඳහන් කරද්දි මීටර් 400 ඉසව්වෙ වාර්තාව තියෙන්නෙ දමයන්ති දර්ශාට.ඒ නම ශ්‍රී ලංකාව ගැන කියන කොට ලොකු හැඟීමක් එන්නෙ.දර්ශා අක්කට පුළුවන් වුණ දේ අපිටත් කරන්න පුළුවන් වගෙ හැඟීමක්.එහෙම ඉතිහාසයක් තිබීම ඇත්තටම දිනන්න ලොකු හයියක්.විශ්වාසයක්.”
තායිලන්තයේ බැංකොක් නුවර පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ කාන්තා මීටර් 400 ඉසව්වෙන් වසර විසි තුනකට පසුව ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ගෙන ආ නදීශා රාමනායක පැවසුවාය.වර්ෂ 2000 අගෝස්තු මස 30 වන දින ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර දී දමයන්ති දර්ශා තත්පර 51.05 ක් කාලයක් වාර්තා කරමින් තැබූ වාර්තාව තවමත් බිදී නොමැත.තරග ඉසව්වවෙන් ඉසව්වට එහි වාර්තා කියැවෙයි.කාන්තා මීටර් 400 ඉසව්වේදී පැවසෙන වාර්තාව දර්ශාගේය.

“මම ළඟ හිටිය නිසා නදීශාට මේ වැඩේ කරන්න පහසු වුණා.”
නදීශා මෙන්ම තායිලන්තයේ සිට අප සමඟ සම්බන්ධ වූ නදීශා ගේ පුහුණුකරු මුද්ධික තුෂාර ද පවසයි.
“ස්ර් ිටිය එක ඇත්තටම වටිනවා.අන්තිම මොහොතේ එයා කියන ටික තමයි හොඳටම මතක හිටින්නෙ.අවසන් තරගයක් කියන්නෙ වෙනම මානසිකත්වයක්.ස්ර් අන්තිම වෙලාවෙත් මට හීට්වල දුවපු හැටි බලලා ෆයිනල් එක දුවන්න ඕනි හැටි ප්ලෑන් කරලා කිව්වා.”

පුහුණුකරුවා ආසන්නයේ සිටීමේ ඇති වැදගත්කම ගැන නදීශා පවසන්නීය.
“හීට් එකේ මුල් 200 දිව්වා වැඩි වගේ හිතුණා.ෆයිනල් එකේදී ඒ නිසා මම කිව්වෙ මුල් 200 තරගෙ හොඳට ඉන්න.අන්තිම 200 උපරිමය කරන්න කියලයි.එයා ඒක හරියටම කරා.”
ඒ තුෂාරයි.තුෂාර කියූ පරිදිම තරගයේ අවසාන භාගයේ වේගයෙන් පැමිණ තරගය සියතට ගෙන නදීශා පහසුවෙන්ම එහි ජයග්‍රාහිකාව වන්නීය.එසේම ඒ ඇයගේ තරග දිවියේ හොඳම කාලය ද වන්නීය.ඇය තමන්ගේ තත්පර 52.80 ක් ව පැවති හොඳම දක්ෂතාවය,ඓතිහාසික රන් පදක්කමක් සමඟ තත්පර 53.61 දක්වා ගෙන එන්නීය.

“මම 2018 දී තමයි 400 ට එන්නෙ.ඊට ඉස්සර මීටර් 800 කරේ.ස්ර් මාව 400 ට ගෙනාපු අලුතම මම හොඳට දිව්වා.සාග් යන්නෙත් මීටර් 400 පළමුවැනියා විදිහට.ඒත් මට එහෙදි ඩෙංගු හැදුණා.ඊට පස්සෙ කාලෙ මගේ දක්ෂතා එහෙ මෙහෙ වෙමින් තිබුණා.ඒ ඩෙංගු නිසා වෙන්න ඕනි.පස්සෙ ස්ර් එක්ක මං හොඳට මහන්සි වුණා.මේ අවුරුද්දෙ අප්‍රේල් වෙන කොට මම ආයේ තත්පර 52.80 ට ආවා.දැන් 52.61 යි.තව හොඳ තරග එන්න එන්න මට මේ කාලය තවත් වැඩි කරගන්න පුළුවන් වෙයි.”

අහම්බෙන් මෙන් ඉසව්වකට කඩා වැදී ලැබෙන අවස්ථාවේදී සිය උපරිමය කර රන් පදක්කමක් දිනා ගැනීම ඇත්තටම දුෂ්කර වැඩකි.වැඩි වැඩියෙන් තරග අවස්ථා ජාත්‍යන්තර මට්ටමෙන් ලැබෙනවානම් නදීශාලාගේ ප්‍රගතිය මීට වඩා බලාපොරොත්තු විය හැකිය.එවැනි ජාතික තලයේ දක්ෂයන්ට වැඩි අවස්ථා පිරිනැමීමේ ජාත්‍යන්තර ඉඩක් හදන වැඩ පිළිවෙලක් සැකසීම වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයා ඉන්නේ තමන්ගේ පෑන් ඉරේ හයිය 400 ට වඩා බලවත් බව පෙන්නන්ටය.ජාතික ක්‍රීඩා සභාවේ අය ඉන්නේ ඒ ඉරට හයියක් වෙන්න කුමන හෝ නමක්,ඉසව්වක්,නැත්නම් වෙනත් තත්ත්වයක් ඇමතිගේ නමින් වෙනස් කළ හැකි බව පෙන්නා තමන්ගේ බලය තහවුරු කර ගන්නටය.නදීශලා රටක් හැටියට බලා ගන්නවාට වඩා සහ ඔවුන්ව රටේ කීර්තිය සේ පෙන්වීමට වඩා ලංකාවේ ක්‍රීඩා පරිපාලකයෝ උත්සාහ කරන්නේ නදීශලා දිනන්නේ තමන්ගේ පෑන් ඉරිවල තීරණවලින් බව පෙන්නන්නටය.ඒ ජයග්‍රහණවලින් නදීශලාට වඩා පිම්ඹෙන්නට අවශ්‍යය කරන පරිපාලනයක් අවාසනාවට අපට ඉතිරිව ඇත.

“ආසියානු තරගාවලියේදී මේ ගොඩ දෙනෙක් මට හම්බ වෙනවා.ඒක හරි වැදගත්.එක අතකින් මං දන්නවා මට මේ අයව පරාද කරන්න පුළුවන් කියලා.ඒ වගෙම ඒ අයත් දන්නවා මං දිනන්න පුළුවන් කෙනෙක් කියලා.ඒක ඉතිං විශ්වාසයක් වගේම පීඩනයක්.නමුත් මේ අය එක්ක තරග කරන්න ඕනි කොහොමද කියලා මේ එකතු වුණ අත්දැකීම ආසියානු තරගාවලියේදී ජයග්‍රහණය කරා යන්න ලොකු විශ්වාසයක් එකතු කරා.”

නදීශා දැන් ශ්‍රී ලංකා කාන්තා මීටර් 400 ඉත්හාසයේ තෙවැන්නිය ය.දමයන්ති දර්ශා තත්පර 51.05 ක දක්ෂතාවයක් සහ චන්ද්‍රිකා සුභාෂීණී රස්නායක තත්පර 52.36 ක දක්ෂතාවයක් දක්වා ඉතිහාසයේ නදීශාට ඉදිරියෙන් රැදී සිටින්නෝය.මේ දශම ගණනත් බැලූ බැල්මට පුංචි ඉලක්කම් පරතර වන්නේ බලන අපිටය.ඇත්ත ඊට හාත්පසින් වෙනස්ය.නමුත් තරග වැදීමම මේ පරතරය පියවාගෙන ඉදිරියට එන්නට පාර සකස් කරනු ඇත.නැත්නම් තත්පර දශම එකක් කියන්නේ ද මහා දැවන්ත බැම්මකි.එය බිඳින්නට පුහුණු මඟ පෙන්වීම පමණක් මදිය.තරග වැදීමෙන් දියුණු කර ගන්නා හැකියාව වැදගත්ය.උදාහරණයකට දර්ශා කෙතරම් තරග අත්දැකීම් ලැබුවේ ද යන්න සළකා බැලීමම වැදගත්ය.වර්ථමානයේ යුපුන් ලෝකයේ විශිෂ්ඨයන් හමුවේ නිතර දුවමින් සිය දක්ෂතාවය ලෝක මට්ටමේ පිහිටුවාගෙන සිටීම ද උදාහරණයය.
ඉතිං නදීශා දිනුවේ රන් පදක්කමක් පමණක්ම නොවේය.නැවත ඉතිහාසයේ රත්තරන් ඉසව්වක් ශ්‍රී ලංකාවේ නමට හරවා දුන්නේය.ඒ රත්තරන් තව දුරටත් රැක ගැනීමේ තරග අවස්ථා ජය ගන්නට නදීශාට මෙන්ම තුෂාරට ද ශක්තිය සහ දිරිය පතන්නෙමු.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan