සුහයිල්ට සහය පළකරමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධයක්! (PHOTO STORY)

Date:

කොළඹ LNW:2024 ඔක්තෝබර් 23 වැනි දින දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මොහමඩ් සුහයිල් රිෆායි චෝදනා නොමැතිව මාස 09ක් රඳවා තබා ගැනීමට විරෝධය පළකරමින් ඔහුව නිදහස් කරගැනීම වෙනුවෙන් අද (15) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධයක් සංවිධාය කර තිබුණි.

පසුගිය 09 වැනිදින මෙම නඩුව කැඳවූ අවස්ථාවේ පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ ඔහුට එරෙහිව චෝදනා නොමැති බවයි.

අද දිනයේ දී එම නඩුව කැඳවූ අතර සුහයිල්ට සහය පළකරමින් අධිකරණ භූමියට පැමිණෙන ලෙසයි සංවිධායකයින් දැනුම් දී තිබුණේ.

21 හැවිරිදි ගුවන් සේවා ශිෂ්‍ය මොහමඩ් සුහයිල් රිෆායි දෙහිවල ඊශ්‍රායල කොන්සියුලර් පරිශ්‍රය අසලදී අත්අඩංගුවට ගන්නා ලද අතර ඔහුගේ ජාතික හැඳුනුම්පත රැගෙන නොයෑම හේතුවෙන් මුලින් රඳවාගෙන සිටියද, එය ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය විසින් ඔහුව නිදහස් කරන ලදී.

ඊශ්‍රායල ධජය පාගා දමනු ලබන බව පෙන්වන ඉන්ස්ටග්‍රෑම් සටහන මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පසුව ඔහුව නැවත අත්අඩංගුවට ගැනුණි.

මෙහිදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දරුණු ලෙස අවභාවිත කිරීමක් සිදුව තිබෙන අතර සුහයිල් වහා නිදහස් කළ යුතු බව විරෝධතාවට එක්වූවන් අවධාරණය කළහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...