කටුනායක දැවමොට්ටාව ප්රදේශයේදී අද (15) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙහිදී පොලිස් නිලධාරියකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අදාළ ප්රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් මත්ද්රව්ය ජාවාරම්කරුවකු පසුපස හඹාගෙන ගොස් ඔහුව අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුව පොලීසියට රැගෙන යන අතරවාරයේදී එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒමට ගොස් ඇති බවත් ඒ අතරවාරයේදී සැකකරු විසින් ඔහු සමග සිටි පොලිස් නිලධාරියාගේ ගිනිඅවිය උදුරාගෙන ඒ පොලිස් නිලධාරියාට වෙඩිතබා වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇති බව සඳහන්.


