Tuesday, December 12, 2023
spot_img

Latest Posts

වාහන හැර සෙසු ආනයන සීමා ඉවතට!

කොළඹ LNW:සැප්තැම්බර් මස පළමු සතියේ සිට වාහනවල හැර සෙසු භාණ්ඩ වල ආනයන සීමා අදියර දෙකකින් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර තිබේ.

මෙම එකඟතාවට පැමිණ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචනයක් කිරීමට ද එහිදී තීන්දු වී තිබේ..

මේ වන විටත් භාණ්ඩ 286 ක ආනයන සීමා ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන සීමා ක්‍රියාත්මකව පවතියි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමටද රජය කටයුතු කර තිබේ.

වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලීමට නියමිත අතර එය උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව පළමුව ඉලෙක්ට්‍රික් වාහන ආනයන සීමා ඉවත් කිරීමසිදුවනු ඇති.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.