මුජිබර් මන්ත්‍රී ධූරය ඉල්ලයි!

කොළඹ LNW:රජය මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව සමගි ජන බලවේයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇති පසුබිමක තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා ඔහු සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වූ අතර එම හිස් වූ මන්ත්‍රී අසුන වෙනුවෙන් ඒ.එච්.එම් ෆවුසි මහතා පත්විය.

කෙසේවෙතත් මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි රහුමාන් මහතා පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...