මධුශානි පිමි දෙකකින් පේරු

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :

ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාතික කණ්ෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී මධුශානි හේරත් දුර පැනීමේ ඉසව්වෙන් තමන්ගේම ජාතික කණිෂ්ඨ වාර්තාව වූ මීටර් 6.09 ඉක්මවමින්,මිටර් 6.32 ක දක්ෂතාවයක් දක්වමින් නව වාර්තාවක් ද සමඟ පේරු හි පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සුදුසුකම් ලැබුවාය.ඇයගේ මෙම පිම්ම මේ වසරේ අවුරුදු 20 න් පහළ ක්‍රීඩිකාවක වාර්තා කළ හොඳම පිමි අතර 22 වන තැන පසු වෙයි.එසේම මීට පෙර ඇය තුන් පිම්ම ඉසව්වෙන් ද පේරු ගමණට සුදුසුකම් ලබා සිටිය බැවින් ඇය පැනීම් ඉසව් දෙකකින් ලෝක මලල ක්‍රිඩා සූරතාවලිය නියෝජනය කිරිමට සුදුසුකම් ලැබුවාය.


තරුෂ මෙණ්ඩිස් උස පැනීමෙන් ද,මලිත් කෞෂාන් මීටර් 200 ඉසව්වෙන් ද,දිනෙත් ඉඳුවර මීටර් 100 ඉසව්වෙන්ද මෙන්ම මීටර් 110 කඩුලු ඉසව්වෙන් සඳුන් කෝසල ද මේ ගෙවුණු දින තුළ අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රිඩා සූරතාවලියට එක්වන කණ්ඩායමට එකතු වෙන්නට සමත් වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...