“රන්දොර උරුමය” ජනපති ප්‍රධානත්වයෙන් හෙට(17)

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

හෙට (17) දින නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 937කට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 180කට ඔප්පු ප්‍රදානය කෙරෙයි.

කොළඹ නගරයේ මහල් නිවාස වල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් 50000කට හිමිකම් ඔප්පු ලබාදීමේ “රන්දොර උරුමය” වැඩ සටහන යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ,සුගතදාස ⁣ගෘහස්ත ක්‍රීඩාංගණයේදී ඔප්පු ප්‍රදානය සිදු කෙරෙයි.

මෙහි පළමු අදියර ය⁣ටතේ “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු 1117ක් ලබාදීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මිහිඳු සෙත්පුර, සිරිසර උයන, මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණවල නිවැසියන්ට හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඇති, මහල් නිවාස තිස් එකක නිවැසියන්ට මෙම “රන්දොර උරුමය” හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...