ඉන්දියාව හා එක්සත් රාජධානිය අතර තීරුබදු සහන සහිත නව වෙළඳ ගිවිසුමක් ක්‍රියාත්මක කෙරේ,

සටහන: සශිකලා මධුෂාණි
ජූලි මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉන්දියාව සහ එක්සත් රාජධානිය අතර ඇති කරගත් පුළුල් ආර්ථික හා වෙළඳ ගිවිසුම (Comprehensive Economic and Trade Agreement – CETA) ජූලි 15 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක වී තිබේ.

මෙම ගිවිසුම මඟින් දෙරට අතර භාණ්ඩ දහස් ගණනකට අදාළ තීරුබදු අඩු කර ඇති අතර, සේවා අංශයේ සමාගම් සඳහා වෙළඳපොළට ප්‍රවේශය ද පුළුල් කර ඇත. ඒ අනුව ඉන්දියාවේ අපනයන වැඩි කිරීමත්, එක්සත් රාජධානියෙන් සිදුකරන ආනයනවල පිරිවැය අඩු කිරීමත් මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණු ලෙස සැලකේ.

විශේෂයෙන් රෙදිපිළි, සම් නිෂ්පාදන, මැණික් හා ස්වර්ණාභරණ, ඉංජිනේරු භාණ්ඩ, සමුද්‍ර නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය සහ සැකසූ ආහාර වැනි ශ්‍රම-අධික කර්මාන්තවලට මෙම ගිවිසුමෙන් සැලකිය යුතු වාසි හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම බොහෝ බ්‍රිතාන්‍ය තීරුබදු රේඛා සඳහා ඉන්දියානු අපනයනකරුවන්ට ක්ෂණික තීරුබදු රහිත ප්‍රවේශයක් ද ලැබේ.

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍ය පියුෂ් ගෝයාල් ප්‍රකාශ කළේ, මෙම ගිවිසුම මඟින් රෙදිපිළි, සම්, මැණික් හා ස්වර්ණාභරණ, ඉංජිනේරු භාණ්ඩ, සමුද්‍ර නිෂ්පාදන, රසායනික ද්‍රව්‍ය, සැකසූ ආහාර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (MSMEs), ගොවීන් සහ නිෂ්පාදකයින් සඳහා පෙර නොවූ විරූ ව්‍යාපාරික අවස්ථා නිර්මාණය වන බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තොරතුරු තාක්ෂණ, වෘත්තීය, මූල්‍ය, අධ්‍යාපන සහ ව්‍යාපාරික සේවා අංශ සඳහා ද නව වෙළඳ අවස්ථා විවෘත වන අතර CETA ගිවිසුමෙන් වෘත්තිකයන් 75,000කට අධික සංඛ්‍යාවක් සහ සමාගම් 900කට වැඩි සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබනු ඇති බවයි.

ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ දත්ත අනුව, 2025–26 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාව එක්සත් රාජධානියට ඇමරිකානු ඩොලර් බිලියන 13.44ක භාණ්ඩ අපනයනය කර ඇති අතර, එරටින් සිදු කළ ආනයන වටිනාකම ඩොලර් බිලියන 11.68ක් ලෙස වාර්තා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...