*
Monday, May 20, 2024
spot_img

Latest Posts

කාන්තා ශ්‍රම දායකත්වය වැඩි කර ගත යුතු බව කියමින් හංගන ඇත්ත මෙන්න!

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): අලංකාර වදන් ඔස්සේ සැඟවෙමින් ආණ්ඩුව කටයුතු කරන අන්දම අප විසින් අවබෝධ කර ගත යුතුව ඇති අතර, “අඩු වශයෙන් පවතින්නේ” යැයි කියන කාන්තා ශ්‍රම දායකත්වය වැඩි වශයෙන් ලබා ගත යුතු බවට ඉදිරිපත් කෙරෙන මතය යොදාගනිමින් සැබවින්ම කාන්තාවන් දිනකට පැය 14 පමණ වැඩ කරන විට පිරිමින් දිනකට පැය 09 පමණක් වැඩ කරන බවට වූ යතාර්ථය මඟහැර යාමට ආණ්ඩුව කටයුතු කරන බවත්, වැටුප් නොලබා දැවැන්ත ශ්‍රම දායකත්වය ලබා දෙන කාන්තාවන් මෙහි දී නොසළකා හැර දමා ඇති බවත්, ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතන විසින් පනවා ඇති කොන්දේසි ප්‍රකාරව ගොඩනැඟෙන නව කම්කරු නීති ඔස්සේ ප්‍රජාතන්ත්‍ර විරෝධී – ජනතා විරෝධී ලෙස කටයුතු කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඒ මහත්මිය මේ බව පැවසුවේ අද (16) දින ජාතික ජන බලවේගය විසින් කැඳවූ මාධ්‍ය හමුව අමතමිනි.

කාන්තාවන් තව තවත් වැඩ කළ යුතු බවට ආණ්ඩුව විසින් බල කර සිටින්නේ මෙම සැඟවූ යතාර්ථය තුළ වන අතර, වැඩකරන පැය 08 සංකල්පය ඉක්මවා පැය 24ම වැඩ කිරීම යෝජනා කරන්නේ ”නම්‍යශීලී වැඩ පසුබිම” කියන අලංකාර වදනට මුවා වී කේවල් කිරීමේ හැකියාව සම්පූර්ණයෙන් අහිමි කොට කාන්තවන්ට දැවැන්ත පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් බව ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හරිනි අමරසූරිය මහත්මිය:

“රනිල් රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන මූලික පදනම් දෙකක් තිබෙනවා. අයි.එම්.එෆ්. නියෝග ක්‍රියාත්මක කිරීමට ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ජනතා විරෝධී ලෙස කටයුතු කිරීමත්, වචන හරඹවල යෙදිමත් ඒ මූලික පදනම්. ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ කියන එකේදි දේශීය ණය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය හොඳ උදාහරණයක්. කම්කරු නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරන්නේත් ඒ ක්‍රියාවලියමයි. මේ කෙටුම්පත ඉදිරිපත් කරන්නේම, ”නිදහස් ආර්ථික පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට හාම්පුතා සමග සමාන තත්වයෙන් කේවල් කිරීමේ හැකියාව තිබෙනවා.” කියන උපකල්පනය මතයි. මෙය ඉතාමත්ම වැරදි උපකල්පනයක්. නොදන්නාකමින් අහිංසකව ඉදිරිපත් කර ඇති බවක් පෙන්වන අතර නව ලිබරල් ආර්ථික ක‍්‍රමය තුළ බලවතුන් වෙනුවෙන් සියලු වරප‍්‍රසාද ආරක්ෂා කරන්න ගෙන එන පනතක්. නමුත් වගන්ති තුළ ලස්සන සංකල්ප දවටා ඉදිරියට දමනවා. සුරක්ෂිත කළ යුතු පුද්ගලයාගේ අයිතිවාසිකම් කප්පාදු කරන්නේ ඒ පිටුපස සිටයි. ශ‍්‍රම බලකායට ස්ත්‍රීන්ගේ දායකත්වය වැඩිකිරීම සඳහා යෝග්‍ය ආකාරයට පනත ගෙන එන බව, වෙනස් කොට සැලකීමට තිබෙන අවස්ථා ප‍්‍රතික්ෂේප කිරීම වැනි වගන්ති මේ තුළ ඇතුළත් කර තිබෙනවා. ඉතාමත්ම හොඳ ලස්සන වචන තුළ ගහන ගේම මොකක්ද කියලා අපි හරියට පැහැදිලි කර ගන්න ඕනෑ. ඔය වචනවලට අහුවෙන්න එපා. වචන කිහිපයකට අහුවෙලා මේ පනත හොඳ එකක් ලෙස භාරගත්තොත් විශාල වරද්දා ගැනීමක් වෙනවා.

මේ බව තහවුරු කරන්න කාන්තාවන් ශ‍්‍රම දායකත්වයට වැඩියෙන් ගන්න ඕනෑ කියන මතය යොදා ගන්නවා. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල වැනි ආයතන දිගටම කියන්නේ ලංකාවේ ශ‍්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය ඉතාම අඩු බවයි. ආර්ථික සංවර්ධනයත් ඇති කර ගන්න නම්, කාන්තාවන්ගේ ශ‍්‍රම දායකත්වය වැඩිකර ගත යුතු බව ඔවුන් ඉදිරිපත් කරනවා. ඔවුන් මේ තර්ක ගොඩනඟනකොට සැලකිල්ලට නොගන්නා කරුණු කිහිපයක් තිබෙනවා. එක් කරුණක් වන්නේ ගැහැනුන් වැඩිපුරම ශ‍්‍රමය වගුරන්නේ අවිධිමත් ක්ෂේත‍්‍රයේ බව. නිවාස ආශ්‍රිතව කුලී කම්කරුවන් ලෙස කටයුතු කිරීම, පවුලේ ව්‍යාපාර තුළ යෙදීම, වැනි තත්වයන් ඔවුන් ගණන් ගන්නේ නැහැ. ඒ වගේම මේ රටේ ස්ත්‍රීන් විසින් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටස සැලකිල්ලට ලක්කර නැහැ. පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ මේ රටේ කාන්තාවන් වැටුප් නොලබා කරන විශාල වැඩ කොටසක් පවතින බවයි. එය මුළු ශ‍්‍රමයෙන් 60%ක් බව හෙළිකර තිබෙනවා. ඔවුන් ආර්ථීක කටයුතුවල යෙදෙන්නේ අර 60%ක කොටස ඉටුකරන අතරයි. නමුත් ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදලේ සංඛ්‍යාවල මේ 60%ක ශ‍්‍රම කටයුතු ගැන අවධානය යොමු කරන්නේ නැහැ. තව පැත්තකින් මේ තිබෙන තත්වය තුළ දැනටමත් දිනකට පැය 14ක් පමණ වෙලාවක් කාන්තාවන් වැඩකරන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. පිරිමින් වැඩ කරන්නේ දවසකට පැය 09යි.

ස්ත්‍රීන් තව වැඩ කළ යුතු බවට ඔවුන් බල කරන්නේ මේ යථාර්ථය තුළයි. පැය 08 සංකල්පය ඉක්මවා පැය 24ම වැඩකරන්න යෝජනා කරන්නේ ”නම්‍යශීලී වැඩ පසුබිම” කියන ලස්සන වචන ඇතුළෙයි. ආර්ථික අර්බුදයක් තුළ මෙවැනි යෝජනා ගේන්නේ කුමන කොන්දේසි යටතේ හෝ ආර්ථික වැඩවල යෙදීමට බලකෙරෙන පසුබිමකයි.  කේවල් කිරීමේ හැකියාව කිසිසේත්ම නැති වෙනවා. කාන්තවන්ට ඉතාමත්ම පීඩාකාරී ලෙස බලපානවා. තමන්ටම වැඩකරන තත්වයන් තෝරාගත හැකි බවට ඔවුන් කියනවා. නමුත් මෙය හිස් අවකාශයට එන්නේ නැහැ. ආර්ථිකව රටක් කඩා වැටී පීඩාකාරී තත්වයක් තිබෙන අතර, දුර්වල පාර්ශවයන්ට තිබෙන ඉඩ ඉතාමත්ම සීමිතයි. ජීවත්වීමට කරන අරගලය තුළ කීයකට හෝ ශ‍්‍රමය විකිණීම අනිවාර්ය තත්වයක් වී තිබෙනවා. අනිවාර්ය තත්වය තෝරාගැනීමක් ලෙස අපිට අර්ථකථනය කරන්න බැහැ. මෙවැනි අවස්ථාවක හරි නම් ආණ්ඩුව කරන්න ඕනෑ, දුර්වල අය, පීඩාවට පත්වුණු අය, ආරක්ෂා කිරීමේ විධිවිධාන වැඩිකිරීමයි. නමුත් ආණ්ඩුව කරන්නේ ඔවුන්ව තවදුරටත් වහල්භාවය දක්වා ගෙනයන ක්‍රියාමාර්ග. ලෝක කම්කරු සහ යුනිසෙෆ් වැනි සංවිධාන හෙළිකර තිබෙන්නේ අවධානම් ක්ෂේත‍්‍රවල පවා දරුවන් යෙදවීමේ විශාල ඉඩක් පවතින බවයි. සමාජයේ දුර්වල කොටස් ඒ කියන්නේ කාන්තාවන් සහ දරුවන් නියැලෙන රැකියා ක්ෂේත‍්‍ර අවධානම් වැඩිම ඒවා බවට පත්වී තිබෙනවා. එවැනි කණ්ඩායම් අනාරක්ෂිතභාවයට පත්වීම වැළැක්වීම ගැනයි කළ යුත්තේ. නමුත් දැන් කරමින් ඉන්නේ හදිසියේම ජනතාවට වසන්කරමින් බොහෝ දේවල් සැඟවීමට ආණ්ඩුව උත්සාහ  කරනවා. මේ අතිශයින්ම භයානක කම්කරු නීති සංශෝධනය කිරීමේ උත්සාහය පරාජය කළ යුතුයි. සේවක අයිතිවාසිකම්, උල්ලංඝනය කිරීමට හාම්පුතුන්ට පාර කපාදීම වැළැක්විය යුතුමයි. කේවල් කිරීමේ හැකියාව නැති අය වහල් සේවය කරා ගෙනයාමේ මේ පනත් කෙටුම්පතෙන් දරන උත්සාහය ජාතික ජන බලවේගයේ අපි ජනතාව ඉදිරියේ හෙළිදරව් කරනවා. කිසිවක් හංගන්න ඉඩදෙන්නේ නැහැ.”

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan