ගෝත්‍රික යුද්ධ තිබූ රුවන්ඩාව දියුණු වෙද්දි යුද්ධය අවසන් අප රට තවමත් එකතැන – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:යුද්ධය අවසන් වූ පසු වෙන රටවල නම් ජාති ආගම් ජන කොට්ඨාස එකතු වී රට සංවර්ධනය කරන බවත් රුවන්ඩාව එයට හොඳම උදාහරණය බවත් අද වන විට රුවන්ඩාව තුළ ගෝත්‍රික යුද්ද වෙනුවට ගෝත්‍රික සංහිඳියාව ඇතිව තිිබෙන බවත් ජාති ආගම් ⁣භේද පසෙකලා එම රට දියුණු වී අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වන්නි මුලතිව් පුදුකුඩුඉරුප්පු දෙව්පුරම් රජයේ දෙමළ මිශ්‍ර පාසලට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 323 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇදුම් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

යුද්ධය නිසා විශාල විනාසයකට පීඩනයකට හා හානියකට උතුරු නැගෙනහිර ලක් වූ බවත් යුද්ධය අවසන් වී වසර 15ක් ගත වී ඇතත් සංවර්ධනයේ ප්‍රතිලාභ මේ පළාතට ලැබී නොමැති බවත් එය බරපතල ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

යුද්ධය අවසන් වූ නමුත් තවමත් උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ දේශපාලන, සමාජ, ආර්ථික ගැටලුවලට විසදුම් දෙන්න නොහැකි වී ඇති අතර මන්දපෝෂණය වැඩි වී ඇති හෙයින් එම නිසා ජාතිි ආගම් කුලමල පන්ති පක්ෂ ⁣භේදවලින් තොරව එකට එකතු විය යුතු බවයි ප්‍රේමදාස මහතා කියාසිටියේ.

පාසල්වල අඩුපාඩු තියෙන විට රටේ සමහර අය ශ්‍රී ලංකාව ඩිජිටල් කරනවා යැයි පවසන බවත් රට ඩිජිටල් කිරීමට පෙර පාසල්වලට පරිගණක ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 323ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3568ක් වැය කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...

නෝනලාට ජිබ්‍රෝල්ටාර් යන්න කණ්ඩායමක් අටවාගැනීමේ සූදානමක්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: ක්‍රීඩා සංවර්ධන...