ලොව විශාලතම සංගීත සැනකෙළිය (ටුමෝරෝලෑන්ඩ්) ප්‍රධාන වේදිකාව ගින්නෙන් දැවේ!

සටහන – පුලී

ජූලි 17, කොළඹ (LNW): බෙල්ජියමේ පැවැත්වීමට තිබූ ටුමෝරෝලෑන්ඩ් උත්සවයේ ප්‍රධාන වේදිකාව ගින්නකින් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටුමෝරෝලෑන්ඩ් උත්සවය ආරම්භ වීමට දින දෙකකට පෙර මෙම සිදුවීම සිදුව ඇතැයි වාර්තා වෙයි.

ඔවුන්ගේ ප්‍රධාන වේදිකාවට දැඩි හානි සිදුවී ඇති බව උත්සව සංවිධායකයින් ඉකුත් බදාදා ප්‍රකාශ කර සිටින්නට විය.

ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු නොවූ බවත්, එයට හේතුව තවමත් පැහැදිලි නොමැති බවත් එම ප්‍රකාශයේ සඳහන් විය.

ටුමෝරෝලෑන්ඩ් මෙවර ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ සිකුරාදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර ඊට 400,000 ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරිණි.

ඩේවිඩ් ගුටා, ලොස්ට් ෆ්‍රීක්වන්සීස්, ස්වීඩන් හවුස් මාෆියාව සහ චාලට් ඩි විට් ඇතුළු කලාකරුවන් සිය ගණනක් ඒ සඳහා සහභාගී වීමට නියමිතය.

සමාජ මාධ්‍ය වෙත පළ කරන ලද වීඩියෝවල වේදිකාව වැසී ගිය ඝන අළු දුමාරයක් පෙන්නුම් කළ අතර ගින්න මැඩලීමට ද අපහසු තත්ත්වයක් පැවතීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘අපි නැවත Grey List එකට ඇතුළත් නොවේ’: මහ බැංකු අධිපතිගෙන් දැඩි සහතිකයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : ශ්‍රී ලංකාව මූල්‍ය...

බැසිල්ට එරෙහිව Interpol රතු නිවේදන ලබා ගැනීමට ශ්‍රී ලංකාවෙන් පියවර!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 13, කොළඹ LNW : රාජ්‍ය අරමුදල් අනිසි...

ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් වෛද්‍ය මණ්ඩලයක්!

කොළඹ LNW:සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනයක් මත අත්අඩංගුවට...

අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට...