සඳ නිදුක් වෙත්වා ….

සඳ නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
මළ ලොවක් යැයි කියන
ගැරහුමෙන් මිදෙත්වා

සඳ මෙන්ම
අනෙක් ග්‍රහලෝකද
නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
තෙතමනය ඇත්තෝ වෙත්වා

අභ්‍යවකාශයේ
අපරිමිත ගුඪ රහස්
හොයාගෙන වරෙන් යැයි අණ ලද
ලයිකා වගේ කෙල්ලන්
දමනය නොවෙත්වා

තාරුකා පොකුරු මැද
ගිනිගන්න පෙර ස්පුට්නික් දෙක
ලයිකාට දැනුනු තනිකම
කාට කාටත් දැනෙත්වා
ඇගේ අවසන් උඩුබිරුම
කාට කාටත් ඇහෙත්වා

සඳ නිදුක් වෙත්වා
නීරෝගි වෙත්වා
මළ ලොවක් යැයි කියන
ගැරහුමෙන් මිදෙත්වා …!

~ රුවන් බන්දුජීව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසි අනතුරු අඟවීම් පද්ධතියක් නොමති වීම හේතුවෙන් පාකිස්තානයේ නවජාත ළදරු ඒකකයක දරුවන් 14 දෙනෙකු ජීවිතක්ශයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 17: පාකිස්තානයේ අගනුවර වන...

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...