තීරණයේ වෙනසක් නෑ, පොහොට්ටුවේ බහුතරය රනිල් සමගයි – සාගර කාරියවසම්

Date:

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී රනිල් වික්‍රමසිංහ මහතා සහාය ලබාදිය යුතු බවට පක්ෂය ගෙන ඇති තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බව පක්ෂයේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසකගේ මතය බවයි.

කෙසේ නමුත් පක්ෂයේ අපේක්ෂකයෙකු ඡන්දයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති පසුබිමක වෙනත් පක්ෂයක අපේක්ෂකයෙකුට සහාය ලබාදීම සිදුකළ නොහැකි බව පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සැළකිය යුතු පිරිසකගේ මතයයි. ඔවුන් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදිය යුතු බවට පක්ෂයක් ලෙස කිසිදු අවස්ථාවක තීරණය කර නොමැති බවයි.

පොහොට්ටුවේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට සාගර කාරියවසම් මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසමින් පක්ෂ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පක්ෂ ලේකම්වරයා වෙත ඊයේ ලිපියක් යොමුකර තිබිණි. අදාල ලිපියට කඩිනමින් ප්‍රතිචාර දක්වන බවයි ලේකම්වරයා පවසන්නේ.

පාර්ලිමේන්තුවේ බහුතර කණ්ඩායම වන පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම පාර්ශ්ව කිහිපයකට බෙදී සිටින අතර ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දය අතිශය උණුසුම් මුහුණුවරක් ගනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 07ක් රජයට පාඩුකිරීමේ චෝදනාවට සබරගමුව පළාත් හිටපු ඇමති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : අද (18) දින සබරගමුව...

සෘජු ප්‍රේෂණ වැඩිවෙලාද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : 2025 වසර තුළ විදෙස්...

රත්නපුරේ නීතිඥවරයෙකුගේ නිවසකින් මෙරට නිෂ්පාදිත ගිනි අවි කිහිපයක් සහ පතරොම් තොගයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : නීතිඥවරයෙකුගේ නිවසක තිබී මෙරට...

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...