ඡන්දයෙන් දිනන්න බෑ කියලා රනිලුත් දන්නවා, එයාගෙ වටේ ඉන්න කට්ටියත් දන්නවා – ටිල්වින්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඒ මහතා වටා සිටින කණ්ඩායම හොඳින්ම දන්නා බවත් එහෙයින් ජනතාව තුළ විවිධ සැකසංකා ඇතිකිරීමට ඔවුන් කටයුතු කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

“ජනාධිපතිවරණයට යන්නෙ නැතිව වෙන වංගු ගහන්න හදන්නෙ ඇයි ? ජනාධිපතිවරණයෙන් දිනන්න බැහැ කියලා රනිල් හොඳටම දන්න නිසා. එයාගෙ වටේ ඉන්න කට්ටිය දන්න නිසා. ඒ කියන්නෙ මොකක්ද, පාලක කණ්ඩායම, රනිල් වික්‍රමසිංහලා, මහින්ද රාජපක්ෂලා මුහුණ දෙන්න අකමැතිම ඡන්දය තමයි මේ එන්නෙ ජනාධිපතිවරණය. එනිසා මේක වළක්වන්න උත්සාහයන් ගොඩක් ගත්තාට පස්සෙ, ඒ වැළැක්වීමේ උත්සාහයන් සියල්ල පරාජයට පත්කරමින් එන ඡන්දය මේක. අතිවිශේෂයි. හැබැයි තාමත් ජනතාව තුළ සැකසංකාව හදලා තියෙනවා ඒගොල්ලො. අපි දන්නවා ඒගොල්ලො කැබිනට්ටුවේ අනුමත කරගත්තු ව්‍යවස්ථා සංශෝධනයක් තියෙනවා, ඒක ඇති වැඩකට ඇති එකක් නෙවෙයි. හැබැයි එහෙම එකක් තියාගෙන ඉන්නවා. එනිසා ජනතාව හිතනවා ඕක දාලා කචල් කරලා මොනවාහරි එකක් කරයි කියලා. හැබැයි අපි හොඳටම දන්නවා ව්‍යවස්ථාව අනුව දැන් ජනාධිපතිවරණය තියන එක හැර වෙන විකල්පයක් ඇත්තේම නෑ. අද සිට ජනාධිපතිවරණය පැවැත්වීමේ වගකීම, බලය තියෙන්නෙ රනිල් වික්‍රමසිංහට හෝ ආණ්ඩුවට නෙවෙයි, අද සිට ඒක තියෙන්නෙ මැතිවරණ කොමිසමට”

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය කර්මාන්තකරුවන් රැකගත යුතුයි – විද්‍යා හා තාක්ණ අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : පාරම්පරික පිත්තල කර්මාන්තය...

ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම 2023–2030 එළිදැක්වීම කොළඹදි!

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන,...

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ ලේකම්...

අභියාචනාධිකරණ සභාපති ධුරය : රොහාන්තට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය සඳහා අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතීඥ...