පැරිස් සුදුසුකම් ලැබූ පළමුවැන්නා පළමුවෙන් පිටත් වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 18, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් සහභාගීතිවය සටහන් කරමින් බැඩිමින්ටන් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන විරෙන් නෙත්තසිංහ සාමාන්‍ය පංතියේ ගුවන් මඟියෙකු ලෙස පැරිස් බලා පිටත්ව ගියා.2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේද මීට වඩා සංවිධානාත්මකව ක්‍රීඩකයන්ට ව්‍යාපාර පංතියේ ප්‍රවේශපත් ලබා දෙන්නට කටයුතු කර තිබුණා.


ඉකුත් ඔලිම්පික් උළෙලට නව දෙනෙකු සහභාගි වුව ද මෙවර සහභාගි වන්නේ හය දෙනෙක් පමණයි.එහෙත් ඉකුත් ඔලිම්පික් උළෙලට සහභාගි වූ වැඩි දෙනෙක් විශ්වීය ස්ථාන යටතේ සහන සහභාගීත්වයන් සටහන් කළත්,මෙවර සහභාගිවන හය දෙනාගෙන් සිව් දෙනෙකුම සුදුසුකම් ලැබූ අයයි.පළමුවෙන් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයා වන්නේ ද විරෙන් වන අතර ඔහු ඒ නිසාම පළමුවෙන්ම තනිව පිටත් කර හැරීමට තීරණය කළා විය හැකියි.


විරේන් මෙම තරගාවලියට සහභාගි වන ලාබාලතම බැඩිමින්ටන් ක්‍රීඩකයා වෙනවා.එසේම ඔහු මේ තරගාවලියට සහභාගි වන ජාතික සූරයන් කිහිප දෙනෙකුම පරාජයට පත් කරන්නටද සමත්ව තිබෙනවා.ඒ පහත අයුරෙන්.


Ade Resky Dwicahyo – අසර්බයිජානයේ ජාතික ශූරයා (2024 පැරිස් ඔලිම්පික්)
ජෝර්ජස් ජූලියන් පෝල් – මොරිෂස් ජාතික ශූර (2024 පැරිස් ඔලිම්පික්)
Anuoluwapo Juwon Opeyori – නයිජීරියාවේ ජාතික ශූරයා (2024 පැරිස් ඔලිම්පික්)
Fabian Roth – ජර්මනියේ ජාතික ශූරයා (2024 පැරිස් ඔලිම්පික්)
එසේම මේ තරගාවලියට සහභාගි නොවුණ ද රටවල ජාතික සූරයින් වූ පහත සඳහන් ක්‍රීඩකයින් ද විරේන් ඉදිරියේ පරාජයට පත්ව තිබෙනවා.


විරේන්ගේ මේ සහභාගීත්වය සනාත කරන්නට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වෙනුවෙන් එහි සභාපති රොහාන් ද සිල්වා මෙන්ම එම සංගමය දැඬි කැපවීමක් කළ බව සඳහන් කළ යුතුමයි.එසේම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් පිට ඔලිම්පික් සුදුසුකම් ලැබූ සියලු දෙනා ඒ කඩ ඉමට රැඟෙන ඒමට විශාල කැපවීමක් කළ බවද සඳහන් කළ යුතුයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ මොහොතේ අධිවේගී මාර්ගවල ගමන් ගන්නා අයට විශේෂ පණිවුඩයක්!

අධිවේගී මාර්ගවල ගමනාගමනය කටයුතු සඳහා මේ මොහොතේ සිට (රාත්‍රී...

මහනුවර ආශ්‍රිතවත් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට. අධි ගංවතුර අවදානම් නිවේදනයක් ! (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මහවැලි ගඟ ද්‍රෝණියේ යටිනුවර සහ ගඟවට...

දිස්ත්‍රික්ක 20කට වැස්සෙන් පීඩා. මරණ සංඛ්‍යාව 40ක් දක්වා වැඩි වෙයි. තවත් 21ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට...