ඉසුරු පරාක්‍රම
කොළඹ (LNW): රට ආර්ථිකව බංකොලොත් වීමට සහ නොයෙක් ආකාරයේ සමාජ අසාධාරණයටත් විවිධ මට්ටමින් සිදුවන දූෂණ බලපාන බව රහසක් නොවන අතර, අලුතින් හඳුන්වා දුන් දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවේ දී සම්මත කර ගැනීම වැදගත් මෙන්ම තීරණාත්මක කරුණක් වන්නේ එබැවින් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති, හිටපු කතානායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.
සාධාරණ සමාජයකටත් ප්රජාතන්ත්රවාදී දේශපාලනයකටත් ඉදිරිගාමී රටකටත් ඉහළ සිට පහළටම සිදුවන විවිධාකාර දූෂණ නතර කළ යුතු අතර, ඒ සඳහා අවශ්‍ය නීති ඉක්මනින් බලාත්මක කළ යුතු බව ඒ මහතා නිවේදනයක් මඟින් අවධාරණය කර සිටියි.