ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන රට ගොඩනැගීමේ ගමන යමු – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සහෝදරත්වය සංහිඳියාව එකමුතුභාවය හා මිත්‍රශීලීත්වය අපේ ශක්තිය හා රටේ ශක්තිය කර ගෙන, රට වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් ගොඩ ඒමට කටයුතු කළ යුතු බවත් සිංහල දමිළ මුස්ලිම් බර්ගර් ලෙස නොබෙදී ආගම් ලෙස නොබෙදී සත්ජාතිකත්වය අනුව ශ්‍රී ලාංකිකත්වය තුළ කුමන ජාතියකට ආගමකට අයත් වුවත් එක මට්ටමෙන් සිතිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ සුපිරි පුරවැසියන් හෝ පහළ පුරවැසියන් නොමැති බවත් ශ්‍රී ලාංකිකත්වය මුලික කර ගෙන රට ජයග්‍රහණය කරන ගමන යාමට එක්වන ලෙස සියල්ලන්ටම ආරාධනා කර සිටින බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 324 වැනි අදියර යටතේ වන්නි, මුලතිව් මරිතිිමේපට්ටු කෝක්කිලායි රජයේ දෙමළ මිශ්‍ර පාසලට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇදුම් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

යුද්ධයෙන් විපතට පත් දිස්ත්‍රික්වලට මීට වඩා වැඩි සංවර්ධන වැඩ කොටසක් ඉටු කළ යුතු බවත් මේ ජනතාවට නව අපේක්ෂාවක් ලබා දිය යුතු බවත් දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 324ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3592ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...