කාන්තාරයේ පිපුණ ලාංකේය කුසුම, කවීශාගෙන් තුන් ඉරියව් දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කවීශා එගොඩගේ තුන් ඉරියව් දස්කම් දක්වන්නට සමත් වුව ද ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ දී නේපාලය ඉදරියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජයට පත් විය.පළමුව පන්දුවට පහර දුන් එක්සත් එමීර් කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 115 ක් ලබා ගැනීමට සමත් විය.එම කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ගණන වූ 22 වාර්තා වූයේ,කවීශාගේ පිත්තෙන්ය.


එම ලකුණු පූවරුව ඉක්මවා යන්නට නේපාලයට වැය වූයේ පන්දු ඕවර් 16.1කි. ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 118 ක් රැස් කළ නේපාලය වෙනුවෙන් කැපී පෙණෙන ඉණිමක් ක්‍රීඩා කළ සම්ජානා ඛඩ්කා පන්දු 45 දී නොදැවී ලකුණු 72 ක් ලැබුවත්,කවීශා එම ප්‍රහාරය හමුවේ මනා පාලනයකින් පන්දු යැව්වාය. ඇය දැවී ගිය නේපාල කඩුලු 4 න් 3ක් ම හිමි කර ගත්තාය. ඒ පන්දු ඕවර් 4 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින්ය.
මේ සමඟ වන ප්‍රධාන ඡායාරූප දෙකේම සිටින්නේ කවීශා කොළඹගේ ය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරය ය.
https://es.pn/3YbWbN4
ඡායාරූපයේ සිටින්නේ කවීශා කොළඹගේ ය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...