කාන්තාරයේ පිපුණ ලාංකේය කුසුම, කවීශාගෙන් තුන් ඉරියව් දස්කම්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 16, (LNW) කොළඹ :

එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කරන ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති කවීශා එගොඩගේ තුන් ඉරියව් දස්කම් දක්වන්නට සමත් වුව ද ආසියානු කාන්තා ක්‍රිකට් තරගාවලිය අරඹමින් පැවති පළමු තරගයේ දී නේපාලය ඉදරියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරාජයට පත් විය.පළමුව පන්දුවට පහර දුන් එක්සත් එමීර් කණ්ඩායම කඩුලු 8 ට ලකුණු 115 ක් ලබා ගැනීමට සමත් විය.එම කණ්ඩායමේ දෙවන වැඩිම ලකුණු ගණන වූ 22 වාර්තා වූයේ,කවීශාගේ පිත්තෙන්ය.


එම ලකුණු පූවරුව ඉක්මවා යන්නට නේපාලයට වැය වූයේ පන්දු ඕවර් 16.1කි. ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 118 ක් රැස් කළ නේපාලය වෙනුවෙන් කැපී පෙණෙන ඉණිමක් ක්‍රීඩා කළ සම්ජානා ඛඩ්කා පන්දු 45 දී නොදැවී ලකුණු 72 ක් ලැබුවත්,කවීශා එම ප්‍රහාරය හමුවේ මනා පාලනයකින් පන්දු යැව්වාය. ඇය දැවී ගිය නේපාල කඩුලු 4 න් 3ක් ම හිමි කර ගත්තාය. ඒ පන්දු ඕවර් 4 තුළ ලකුණු 12 ක් පමණක් ලබා දෙමින්ය.
මේ සමඟ වන ප්‍රධාන ඡායාරූප දෙකේම සිටින්නේ කවීශා කොළඹගේ ය.
පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරය ය.
https://es.pn/3YbWbN4
ඡායාරූපයේ සිටින්නේ කවීශා කොළඹගේ ය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂට CIDයෙන් කැඳවීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...