*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ප්‍රභාත් අසම සම වාර්තාවක් අභියස

ක්‍රිකට් අපූරු වෙන්නෙම එහි තියෙන අවිනිශ්චිතකම නිසා.ඒත් සමහර භෞතික කාරණා එක්ක ගත්තම තරගයක යන රටාව එක්ක යම් යම් තීරණ තීන්දුවලට එන්න පුළුවන්.හරිම ක්‍රිකට් මතුවෙන්නෙ එ තීරණ වෙනස් කරන අපූර්ව දක්ෂතාවයන් නිසා.

ශ්‍රී ලාංකිකයන් හැටියට එහෙම වෙනස් නොවි යන රටාවේම තරගය ගොස් අද දිනය තුළ ශ්‍රී ලංකාව පකිස්තානයට එරෙහිව ටෙස්ට් තරගය ජය ගැනීම බලාපොරොත්තුවෙන් සිටිනවා.එසේම සුපිරි දක්ෂතා අතර සිටින පන්දු යවන්නෙක් අද දවසේ ක්‍රිකට් වංශ කතාවේ කිසිවෙක් නොකළ දෙයක් කරනු ඇතැයිද අපේක්ෂාවන් සිටිනවා.
ක්‍රිඩකයා ප්‍රභාත් ජයසූරිය.ඔහු අද සිය පළමු ටෙස්ට් ඉණිම හතරේ කඩුලු පහක් හෝ ඊට වඩා ලබා ගත් පළමු පන්දු යවන්නා වීමට බොහෝ ඉඩ තිබෙනවා.දැනට ඔහු සහභගි වූ ටෙස්ට් ඉණිම තුනේදී කළ දස්කමත් ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා වී ඇත්තේ තෙවතාවක් පමණයි.ඒ ඔහුගේ අවස්ථාවත් සමඟ.පළමු අවස්ථාවේදී එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක “ටොම් රිචඩ්සන්”1893 වසරේදී ඕස්ට්රේලියාවට එරෙහිව මේ දස්කම දක්වා තිබෙනවා. එහිදි රිචඩ්සන් මැන්චෙස්ටර් හී පැවති තරඟයේදී ප්‍රථම ඉනිමේදී ලකුණු 49 කඩුලු 5 ක්,දෙවෙනි ඉනිමේදී ලකුණු 107 කට කඩුලු 5 ක් ලබා ගත්තා.ඉනික්බිතිව සිඩ්නි හී පැවති තරඟයේදී ලකුණු 181 කට කඩුලු 5 ක් බිඳහෙලමින් මේ දස්කම සිදු කළා.

දෙවැන්නා වූයේ ඕස්ට්‍රේලියාව බිහිකල දඟ පන්ඳු යවන්නෙකු වූ ක්ලෑරී ග්‍රීමට්. 1925 වසරේදී එංගලන්තයට එරෙහිව සිඩ්නි හි පැවති තරඟයේදී ප්‍රථම ඉණිමේදී ලකුණු 45 කට කඩුලු 5 ක් සහ දෙවෙනි ඉණිමේදී ලකුණු 37 කට කඩුලු 6 ක් බිද දැමූ ග්‍රීමට්, එංගලන්තයේ ලීඩ්ස් හී 1926 වසරේදී මුහුණ දුන් සිය දෙවන තරඟයේ ප්‍රථම ඉණිමේදී ලකුණු 88 කට කඩුලු 5 ක් වශයෙන් බිඳහෙලමින් මේ දස්කම සිදු කළා.

ප්‍රභාත් මේ පන්දු යවන්නන් තිදෙනා අතරට අලුතින් එක්වෙන්නේ 2022 වසරේ දී යි.ඒ පථම වතාවට මේ දස්කම සිදු කර වසර 129 ට පසුවයි.දෙවන අවස්ථාව වාර්තා වී වසර 96 පසුවයි.ඒ අනුව එය කෙතරම් දුෂ්කර දෙයක්ද යන්න පැහැදිළි කර ගැනීම අපහසු නැහැ.එසේම ප්‍රභාත් මේ පන්දු යවන්නන් තිදෙනාගේ කඩුලු එකතුව හා සසදද්දී ඉදිරියෙන් සිටිනවා.ටොම් රිචඩ්සන් සිය ඉණිම තුනේදී බිඳ දැමුවේ කඩුලු 15 ක් පමණයි.ක්ලැරී ග්‍රීමට් ගේ මුල් ඉණිම තුනට දැවී ගිය කඩුලු ප්‍රමාණය 16 ක්.ප්‍රභාත් සිය පළමු ටෙස්ට් ඉණිමේ පන්දු යැවීම සටහන් කළේ ලකුණු 118 ට කඩුලු 6 ක් හැටියටයි.දෙවන ඉණිමේ ඔහුගේ පන්දු යැවීම වූයේ ලකුණු 59 ට කඩුලු හයක්.ඕස්ට්‍රේලියාවට එරෙහිව ඓතිහාසික ජයකට පාර කැපූ එම පන්දු යැවීමෙන් ඉනික්බිත් මේ මොහොතේ ක්‍රියාත්මක පකිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේ ප්‍රභාත් ට කඩුලු ලැබෙන්නට තිබුණු අවස්ථා කිහිපයක්ම පන්දු රකින්නන් විසින් බිම දැමූ උඩ පන්දු නිසා අහිමි වුණා.නමුත් ප්‍රභාත් පකිස්තානයේ කඩුලු 5 ක් ලකුණු 82 ට දවා ගත්තා.ඒ අනුව ඔහු අන් දෙදෙනාට වඩා ඉදිරියෙන් සිටින අතර ඔහුගේ කඩුලු ප්‍රමාණය 17 ක් වෙනවා.

අද ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් මතුව තිබෙන දඟ පන්දු යවන්නන්ගේ පාරාදීසයක් බඳු ගාලු තණතීරුවේ ප්‍රභාත් කඩුලු පහේ සීමාව ඉක්මවා ගියොත් සිය පළමු ටෙස්ට් ඉණිම හතර තුළ කඩුලු පහේ සීමාවට පිවිසෙමින් තවත් ඓතිහාසික අසමසම වාර්තාවක උරුමක්කාරයා වෙන්නට ප්‍රභාත්ට අවස්ථාව හිමි වෙනවා.තිබෙන තත්ත්වය එක්ක මෙන්ම ප්‍රභාත්ගේ පන්දු යැවීමත් එක්ක විමසා බැලුවත් අද දවසේ ප්‍රභාත්ට ඒ දේ කරන්නට බොහෝ ඉඩ ඇති බව පැහැදිළියි.අපි ප්‍රභාත්ට සුබ පතමු.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan