Monday, August 8, 2022
spot_img
spot_img

Latest Posts

සජිත් අගමැති කරන්න අපි සහාය දෙනවා – ජී.ඇල්.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා පවසනවා. තම පක්ෂයේ බහුතර එකඟතාවය මත මෙම තීරණයට එළඹි බවයි පීරිස් මහතා පවසන්නේ.

පොදුජන පෙරමුණේ ඩලස් පාර්ශ්වය සහ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගය අතර එකඟතාවයක් ඇති කරගෙන තිබෙන අතර ඒ අනුව දෙපාර්ශ්වයේම යෝජනා ස්ථිරත්වයෙන් ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේය.

ඩලස් අලහප්පෙරුම ජනාධිපතිවරයා යටතේ සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත්කර සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සූදානම් වන අතර ඒ සඳහා ශ්‍රීලනිප, ස්වාධීන පක්ෂ එකමුතුව, දෙමළ දේශපාලන පක්ෂ ඇතුළු බොහෝ කණ්ඩායම්වල සහාය ලැබෙනු ඇත.

UN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.