ෆෙරන් ටොරස්ගේ තීරණාත්මක ගෝලයෙන් ස්පාඤ්ඤය 1-0ක් ලෙස අර්ජන්ටිනාව පරදා ලෝක කුසලානය දිනයි!

සටහන – පුලී

ජූලි 20, LNW (කොළඹ): අතිශය උණුසුම් සහ තියුණු තරගයකින් අනතුරුව ස්පාඤ්ඤය ආර්ජන්ටිනාව ගෝල 1-0ක් ලෙස පරාජය කරමින් තම ඉතිහාසයේ දෙවැනි ලෝක කුසලාන ශූරතාව දිනාගන්නට සමත් විය. නියමිත මිනිත්තු 90 අවසන් වන විට දෙපිලම ගෝල රහිතව සිටි අතර, ජයග්‍රාහී ගෝලය අතිරේක කාලයේදී ෆෙරන් ටොරස් විසින් වාර්තා කළේය.

තරගයේ 93 වැනි මිනිත්තුවේදී අර්ජන්ටිනාවේ ෆර්නැන්ඩස් රතු කාඩ්පතක් ලබා පිටියෙන් ඉවත් කිරීමත් සමඟ අර්ජන්ටිනාවට අතිරේක කාලය ක්‍රීඩකයින් 10 දෙනෙකු සමඟ ක්‍රීඩා කිරීමට සිදුවිය. එම වාසිය උපයෝගී කරගත් ස්පාඤ්ඤය ජයග්‍රාහී ගෝලය ලබා ගනිමින් ලෝක ශූරතාව තමන් සතු කර ගන්නට විය.

අවසන් විනිසුරුගේ හඬින් පසු පිටියේ උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර, අර්ජන්ටිනාවේ ලියැන්ඩ්‍රෝ පරෙඩෙස් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පහර කිහිපයක් එල්ල කළ බවට වාර්තා විය. එම සිද්ධිය හේතුවෙන් තරගයේ අවසානය උණුසුම් වාතාවරණයක් පැවතුනි.

මෙවර ලෝක කුසලාන අවසන් තරගයේ අර්ධ කාල විවේකයේ විශේෂ සංගීත ප්‍රසංගයක්ද පැවැත්වුණු අතර, මැඩෝනා, ජස්ටින් බීබර්, ශකීරා සහ BTS සංගීත කණ්ඩායම Fifa වර්ණවත් කරන ලදී. එම ප්‍රසංගයද අවසන් තරගයේ විශේෂ ආකර්ෂණයක් බවට පත්විය.

මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය ලෝක පාපන්දු ඉතිහාසයේ නැවතත් සිය නාමය රන් අකුරින් සටහන් කරමින් දෙවැනි වරටත් ලෝක ශූරයන් බවට පත්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...

ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...