සෝ දුක් සුසුම් මැද සැක සංකා ඉතිරි කර අවසන් ගමන් යන හිටපු පොලිස්පති! (VIDEO)

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි.

මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.

1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.

අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වනදා ඔහු පොලිස්පති ධුරයට පත් කෙරිණි.

2023 වසරේ මාර්තු 25 වනදා විශ්‍රාම යාමට නියමිතව සිටියද, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් සී.ඩී. වික්‍රමරත්න මහතා තවත් මාස 8කට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කරන ලද අතර ඔහු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් 23 වනදායි.

මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගියේය.

ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන අතර සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...