මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු රැසක අනාවරණයක් !

Date:

රෂිකා හෙන්නායක ජූලි 21, කොළඹ LNW:

නිවසක කුලී පදනම් මත රැඳී සිටි යුවළක් මාතලේ කොටුවෙ ගෙදර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මාතලේ කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ නරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔවුන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 6ක් සොයා ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

අදාළ සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 30 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එම සැකකාර යුවළ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හරහා දකුණේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බව කියන අහුන්ගල්ලේ බැජී සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට ද වාර්තා වේ.

අදාළ සැකකාරීයන් දැනට ඩුබායි සිටිනා කාන්තාවක් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බව වාර්තා වන අතර, අදාළ කාන්තාවට මත්ද්‍රව්‍ය ලබා දෙන්නේ දැනට ඩුබාහි වෙසෙන දකුණේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් බවටද තොරතුරු ලැබීි තිබෙන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

HNB සභාපති ඉවත් කරන්න කුමන්ත්‍රණයක්! මහමොළකරු සුරේෂ් ෂා? 

රංගන ශිල්පීන්ගේ විරෝධය මධ්‍යයේ Trump විසින් ප්‍රතිසංස්කරණ සඳහා කෙනඩි මධ්‍යස්ථානය වසා දැමීමට යයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

වසරේ යොවුන් ඡායාරූප ශිල්පියාට හිමි සම්මානය වෙනුවෙන් තරඟකරුවන් 11ක්!

සටහන - පුලී පෙබරවාරි 02, LNW (කොළඹ): යෞවනයන්ට අපේ ලෝකය...

ඇමති නලින්දගෙන් සජබ නිරෝෂන්ට රු. බිලියනක එන්තරවාසියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස...