වසර 4ක සිර දඬුවමක් ලබා සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඇප!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර 4ක සිර දඩුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළ බව වාර්තා වේ.

මෙම නියෝගය ලබාදුන්නේ, කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසිනුයි .

සිර දඩුවම් නියම වීමෙන් අනතුරුව ඥානසාර හිමියන් විසින් ඊට එරෙහිව අභියාචනාධිකරණය වෙත ඇපෑලක් ඉදිරිපත් කළ අතර , එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු තමන් වහන්සේව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් කළ ඇප ඉල්ලීමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබුණි .

එම මහාධිකරණ නියෝගයට අනුව ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය උන්වහන්සේ රුපියල් පනස් දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස පසුගිදා නියෝග කළ බව සඳහන් වේ.

එම අභියාචනාධිකරණ නියෝගය පරිදී උන්වහන්සේව අද දිනයේදී කොළඹ මහාධිකරණයේ විනිසුරුවරයා විසින් ඇප මත මුදා හැරීමට ද කටයුතු කළ බව පැවසේ .

2016 වසරේ කුරගල විහාරස්ථානය පිළිබදව කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පළකරන ලද අදහස් වලින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදුකොට ආගමික සංහිදියාවට බාධා කළේ යැයි එල්ලකරන ලද චෝදනා දෙකකට වරදකරු කරමින් ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය පසුගිය මාර්තු 30 වනදා බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...

හිතාගන්නත් බැරි බලයක් එක්ක මධ්‍යම කඳුකරය රැකගන්න අධිකාරියක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මධ්‍යම කඳුකරයේ ඉදිරි පැවැත්ම සහ ආරක්ෂාව...

රට සමාජයීය වශයෙන් ගොඩනැඟීමට නම් සියලු යහපත් සබඳතා යළි ස්ථාපිත කළ යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක ජනවාරි 27, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුවෙන්...

රුමේනියා යන සිහිනය සැබෑවෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , කොළඹ LNW : ශ්‍රී ලංකාව...