රජය පොහොර ණය ගෙවා අවසන්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ (LNW):

මේ වනවිට පොහොර සමාගම්වලට රජය විසින් හිඟ ණය මුදල් වශයෙන් ගෙවීමට තිබු රුපියල් මිලියන 29,000ක් ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් වේ.

ඒ අනුව වසර ගණනාවක් පොහොර මිලදී ගැනීම වෙනුවෙන් පුද්ගලික පොහොර සමාගම්වලට නොගෙවා තිබු රුපියල් 29,000ක හිඟ ණය මුදල් සියල්ල රජය විසින් මේ වනවිට ගෙවා අවසන් කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව පැවසේ..

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහනෙහි ප්‍රගතිය සම්බන්ධව අද (22) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී රුපියල් මිලියන 29,000ක් වැනි අති විශාල මුදලක් පොහොර සමාගම්වලට හිඟ මුදල් වශයෙන් ගෙවීමට තිබූ නිසා බොහෝ සමාගම් මුල්‍යමය වශයෙන් දුර්වල තත්ත්වයකට මුහුණ දෙමින් සිටි බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය .

නමුත් දැවැන්ත ආර්ථික අර්බුදයක් මධ්‍යයේ වුවද මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ හිඟ ණය මුදල් පොහොර සමාගම්වලට ගෙවීම සඳහා ලබා දීමට පියවර ගත් බවද අමාත්‍යවරයා සඳහන් කර කළේය ,

මේ අනුව රජය විසින් මින් පෙර පැවැති රජයන් විසින්ද මෙම පොහොර සමාගම්වලට ගෙවීමට තිබු හිඟ ණය මුදල් ගෙවා අවසන් කර ඇති බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...