රෂිකා හෙන්නායක ජූලි 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින් ඉරානය සමඟ පවතින යුද්ධය වෙනුවෙන් මේ දක්වා වැය වී ඇති පිරිවැය ඩොලර් බිලියන 37.5ක් ලෙස නිල වශයෙන් ප්රකාශ කර ඇත.
සෙනෙට් මණ්ඩල කමිටුවක් හමුවේ පෙනී සිටිමින් ඔහු, යුද මෙහෙයුම් සඳහා සහ අවි ආයුධ තොග නැවත පිරවීම සඳහා ඇමෙරිකානු ඩොලර් ට්රිලියන 1.5ක දැවැන්ත ආරක්ෂක අයවැයක් ඉල්ලා සිටී.
කෙසේ වෙතත්, බලශක්ති මිල ඉහළ යාම වැනි කරුණු හේතුවෙන් මෙම යුද්ධයේ සැබෑ ආර්ථික බලපෑම මීට වඩා බෙහෙවින් වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
මේ අතර දෙපාර්ශවය අතර පවතින සටන් විරාම එකඟතාව බිඳ වැටීමත් සමඟ ප්රහාර තවදුරටත් දරුණු වෙමින් පවතින බවද සඳහන් වේ.
විශේෂයෙන්ම මැදපෙරදිග කලාපීය යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් දෙපාර්ශවයම ප්රතිප්රහාර එල්ල කරමින් සිටීම නිසා යුද වියදම් තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.


