රෂිකා හෙන්නායක ජූලි 22, කොළඹ LNW :
Colombo Kaps කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්, මස්පිඩු ආබාධයකට (hamstring injury) ලක්වීම හේතුවෙන් 2026 ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් කර තිබේ.
ජූලි 19 වන දින කොළඹ SSC ක්රීඩාංගණයේදී කැන්ඩි රෝයල්ස් (Kandy Royals) කණ්ඩායමට එරෙහිව පැවති තරගයේදී ලකුණු ලබා ගැනීමට උත්සාහ කිරීමේදී මෙන්ඩිස්ගේ දකුණු කකුලේ මස්පිඩුව ආබාධයකට ලක්විය.
වෛද්ය පරීක්ෂණවලින් අනතුරුව ඔහුව තරගාවලියේ ඉතිරි කොටසින් ඉවත් කර ඇති අතර, ඔහු සිය ශරීර සුවතා වැඩසටහන ආරම්භ කිරීම සඳහා ජාතික ඉහළ කාර්යසාධන මධ්යස්ථානය (National High Performance Centre) වෙත ආපසු පැමිණීමට නියමිතය.


