කසිප්පු බීලා මිනිස්සු ලෙඩ වෙනවා. ගල් බෝතලේ මිල අඩුකරන්න – චාමර සම්පත් ඉල්ලයි

Date:

අධික ලෙස සුරා බදු වැඩිකිරීම නිසා මත්පැන් මිල ඉහළ යාමෙන් රටේ ජනතාව විශාල වශයෙන් කසිප්පු බීමට යොමුවෙමින් සිටින බවත් එයින් ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකි බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසයි.

“මම හිතන්නේ සුරා බදු ආදායම ලොකූ ප්‍රමාණෙකට යන්න බැරිවෙයි. ඒකට හේතුව තමයි ගම්වල ජනතාව සාමාන්‍යයෙන් එදිනෙදා පානය කරන මත්පැන්වල මිල අධිකයි දැන්. මං හිතන්නේ ගල් අරක්කු බෝතලයක් අද රුපියල් 3000 කට වැඩියි. මේක අධික මිලක්. මේ ගල් බෝතලයක් රුපියල් 3000 නිසා අද රටේ කසිප්පු සීඝ්රයෙන් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මං හිතන්නෙ ආණ්ඩුව බලාපොරොත්තු වෙන තරමට සුරා බදු ආදායම ලබාගන්න බැරිවෙයි. මොකද දැන් බාර්වල මැස්සො ඇහිරෙන තත්වයට පත්වෙලා. හැමෝටම කියන්න බැහැනෙ අරක්කු නවත්වන්න කියලා … අරක්කු බොනවා. අරක්කු වෙනුවට කසිප්පු බීම වැඩිවෙනකොට ඉස්පිරිතාලවලට යන ප්‍රමාණය වැඩිවෙනවා. එතකොට රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට තමයි තවත් ප්‍රශ්න එන්නෙ. ඒක නිසා මුදල් අමාත්‍යාංශය මේ සුරා බදු ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න. මේ IMF එකේ කට්ටිය දන්නෙ නෑනෙ ගල් බෝතලේ ගහන්නෙ කවුද කියන එක. IMF එක කියන විදියට ගල් බෝතලේ වැඩිකරලා හරියන්නෙ නෑ. IMF එක කියන විදියට රටබීම වැඩිකරාට කමක් නෑ, IMF එක කියන විදියට ගල් බෝතලේ වැඩිකරලා බෑ. IMF එකේ මිනිස්සු ගල් බෝතලේ ගහන්නෙ නෑ. ගල් බෝතලේ ගහන්නෙ කුඹුරු කොටන, ගල් කඩන, වැලි අදින, මහන්සි වෙන, දුක්විඳින මිනිස්සු. ඒ නිසා ගල් බෝතලේ රුපියල් 1500 ට අඩුකරන්න පුළුවන්. බැරිවෙන්න බෑ”

චාමර සම්පත් දසනායක මහතා මේ බව පැවසුවේ ඊයේ (21) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...