ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ඩෙංගු රෝග ව්යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන යටතේ බත්තරමුල්ල පැලවත්ත ප්රදේශයේ සිදුකළ වැඩසටහනකදී නිවෙසක් පරික්ෂා කරන විට එහි තිබී ගිනි අවියක් සොයා ගෙන තිබේ.
එම නිවසට අයත් පරිශ්රය තුළ සජීවී මදුරු කීටයන් විශාල ප්රමාණයක් සිට ඇත හි අතර ඉතාම අපිරිසිදු ආකාරයෙන් විශාල සුනඛයින් ප්රමාණයක් ද ඇති කරන නිවෙසක් බවට හෙළි වී තිබේ.
මීට පෙර අවස්ථාවලදීද ඩෙංගු පරීක්ෂාවට මහජන පරීක්ෂක නිලධාරීන් පැමිණෙන විට නිවසේ ඇති කරන සුනඛයින් මුදාහරින හෙයින් එම නිලධාරීන්ට අදාළ නිවස පරීක්ෂා කිරීමට හැකි වී නැත.
එහෙත් මෙවර පොලීසිය සහ හමුදා නිලධාරීන් සමඟ ඩෙංගු පරීක්ෂාව සිදුකරන හෙයින් එම නිවසේ සැබෑ තත්ත්වය අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
ඒ අනුව ඉතාම වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කර ඇති ආකාරය පැහැදිලිව පෙනෙන්නට තිබෙන කාරණයකි.
කෙසේවෙතත් අදාළ නිවැසියන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන තිබේ.


