ලොස් ඇන්ජලීස් නෙළුම් මල් උළෙලේ ශ්‍රී ලාංකීය අභිමානය….

රෂිකා හෙන්නායක ජූලි 23, කොළඹ LNW :

ලොස් ඇන්ජලීස් හි පැවැති 2026 නෙළුම් මල් උළෙලේදී ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය දෙස් විදෙස් සංචාරකයින්ගේ විශේෂ අවධානයට ලක් වූ අයුරු වාර්තා වේ.

මෙහිදී මෙරටට ආවේණික සංස්කෘතික උරුමයන්, ස්වභාවික සෞන්දර්යය සහ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

අමෙරිකානු වැසියන් ඇතුළු විදේශිකයන් සඳහා පිරිනමන නොමිලේ වීසා පහසුකම් පිළිබඳවද මෙහිදී පුළුල් ප්‍රචාරණයක් ලබා දී තිබේ.


මෙම අවස්ථාවට කොන්සල් ජෙනරාල් අචිනි පෙරේරා, නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් රේඛා මල්ලිකාරච්චි, කොන්සල් ජෙනරාල් කාර්යාලයේ නිලධාරීන් සහ දකුණු කැලිෆෝනියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ සහභාගීත්වයට තවදුරටත් ප්‍රමුඛත්වයක් ලබා දෙමින් ආචාර්ය සරත් ගුණපාල, මහාචාර්ය ආචාර්ය බන්දුල විජේ සහ ආචාර්ය වෝල්ටර් ජයසිංහ ඇතුළු කීර්තිමත් ශ්‍රී ලාංකික විද්වතුන් සහ වෘත්තිකයන් කිහිප දෙනෙකු ද උත්සවයට සහභාගී වූහ.

මෙම උත්සවය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉතා සාර්ථක වේදිකාවක් වූ බව පෙනී යයි. මෙමගින් ශ්‍රී ලංකාවේ අනන්‍යතාව ජාත්‍යන්තරය හමුවේ ගෞරවාන්විතව ප්‍රදර්ශනය කිරීමට හැකි වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...